Press "Enter" to skip to content

පරණ වීඩියෝ අලුත් කර කොරෝනාවට සම්බන්ධ කරන කලාව

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.
කෙසේනමුත් සමාජ මාධ්‍ය හරහා ඉතාලිය ගැන ප්‍රචාරය වෙන ඇතැම් කතා වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මේ වනවිට බොහෝ මත පළ වෙමින් තිබේ.
ඉතාලියේ ඇල මාර්ග වල හංසයන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් සැරිසරන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. මෙයද 2017 දී youtube හි පළවූ වීඩියෝවක් බවත් ඒ හා කෝවිඩ් 19 ට කිසිදු සබඳතාවක් නොමැති බවත් බොහෝ දෙනා පවසයි.මේ දිනවල රෝහල්ගතව සිටින කාන්තාවක් , කෝවිඩ් 19 හේතුවෙන් ඇයට මුහුණ දීමට සිදුවී ඇති රෝගී තත්ත්වය පිළිබඳව විස්තර කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ විය. මෙම වීඩියෝ පටයේ සිටින්නේ කැනේඩියානු අගමැතිගේ බිරිඳ බවට බොහෝ ප්‍රචාර පළ වී පළවෙමින් තිබේ. නමුත් ඒ ඇය නොවන බවත් ලන්ඩනයේ සිට පැමිණි කෝවිඩ් 19  වැළඳුණු රෝගී කාන්තාවක් බවටත් මේ වන විට කරුණු අනාවරණය වී තිබේ. එම වීඩියෝවේ පෙනී සිටින්නේ ටාරා ජෙන් නමැති කාන්තාවකි. කෙසේ නමුත් අගමැති බිරිය දින 14ක කාලයක් නිරෝධායනය ට යොමුවී ඇති බවත් එම වීඩියෝව ඇයගේ නොවන බවත් මේ වන විට බොහෝදෙනා පිළිගෙන තිබේ.

(රිෂ්මි ඉෂාරා)

433 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk