මේ වන විට මුළු ලෝකය පුරාම පැතිර යන ගෝලීය වසංගතයක් ලෙස කෝවිඩ් 19 වෛරසය හඳුන්වාදී තිබේ. චීනයේ වූහාන් පළාතෙන් මෙම වෛරසය ආරම්භ වුවත් අද වන විට එය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අවදානමකට ලක්කර තිබේ.
මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්වී ඇති සුවිශේෂී මාතෘකාවක් වන්නේ රුසියානු ජනාධිපති පුටින් විසින් කොටින් සහ සිංහයන් අටසියයක් රටපුරා වීදි වලට මුදා හැරීමේ සිද්ධියයි . Humour tv නම් ෆේස්බුක් පිටුවේ වීදියක් තුළ සිටින සිංහයකුගේ ඡායාරූපයක් සමග මෙම පෝස්ට් එක පල කර ඇති අතර මේ වන විට ලොව පුරා එය සංසරණය වේ. කෙසේ නමුත් ආරංචි මාර්ග පවසන්නේ මෙය ජනතාව නිවෙස් තුළම රඳවා තබා ගැනීමට ගත් උත්සාහයක් බවයි. එමෙන්ම මෙම පුවතේ සත්‍යතාවයක් නොමැති බවත් ඒ හා රුසියාව හෝ පුටින් අතර එහි කිසිදු සබඳතාවක් ද නොමැති බවටත් මේ වන විට බොහෝ මත පළවී තිබේ.
(රිෂ්මි ඉෂාරා)
සමාජ මාධ්‍ය ගතවන වැරදි තොරතුරු වල නිවැරදි තත්වය දැනගන්න clearnews.lk බුක් මාර්ක් කරගන්න
Be First to Comment