Press "Enter" to skip to content

134 කෙනෙකුගේ ජීවිත බේරාගත් වෛද්‍ය යුවළ මියගිය කතාව

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ජනතාවගේ ගණන මේ වන විට චීනය මෙන් දෙගුණයද ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම මේ දිනවල මෙම වෛරසයෙන් මියගිය ඉතාලි ජාතික වෛද්‍ය යුවලක් පිළිබඳ වැඩි කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් පවතී.

මාර්තු 24 දින වන විට ඉතාලියේ මරණ 6500 කට වැඩි සංඛ්‍යාවක් සහ ආසාදිතයින් 69 000 ක් පමණ තහවුරු වී තිබුණි. මේ සියල්ල මධ්‍යයේ කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි රෝගින් 134 කෙනෙකුගේ ජීවිත බේරාගත් වෛද්‍ය යුවලක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඒ එම වෛද්‍ය යුවළට ද මෙම වෛරසය වැළඳීමෙන් ඔවුන් දෙපළ මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සමගිනි.

Hindi daily and Jansandesh times යන පුවත්පත් වල ප්‍රධාන සිරස්තලයන්හි සඳහන් වී තිබුණේද රෝගීන් 134 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමෙන් ඉතාලි ජාතික වෛද්‍ය යුවළ මියගිය බවයි. මෙය සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් ප්‍රචලිත වූ අතර එම තොරතුරුවල රෝගය වැළඳී 8 වන දින ඔවුන් දෙපළ මියගොස් ඇති බව වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.

නමුත් මෙම පුවතේ සත්‍යතාව තවමත් තහවුරු කරගෙන නොමැත. එමෙන්ම මෙම ඡායාරූපය මාර්තු 12 වැනිදා බාසිලෝනා ගුවන්තොටුපලේදි යුවලක් සිප ගැනීමේදී ලබාගත් ඡායාරූපයක් බවටත් කරුණු හෙළි වී ඇත. එබැවින් මෙම පුවත සඳහා යොදාගෙන ඇති ඡායාරූපයේ සිටින්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනා වලදී ඡායාරූපයට නැගූ යුවලක් බවත් ඉතාලි මාධ්‍ය තුළින් මේවනතෙක් එවන් පුවතක් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවත් පෙනෙන්නට තිබේ.

එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන මෙම පුවත හා එහි සත්‍යතාවය තහවුරු කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවත් මෙය අසත්‍ය තොරතුරක් වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බවත් ජනතාවට තේරුම් කර දීම මෙවන් අවස්ථාවක ඉතාමත් වැදගත් වේ.
(රිෂ්මි ඉෂාරා)

සමාජ මාධ්‍ය ගතවන වැරදි තොරතුරු වල නිවැරදි තත්වය දැනගන්න clearnews.lk බුක් මාර්ක් කරගන්න

1,542 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk