කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මුලින්ම ආරම්භවූයේ චීනයෙනි. නමුත් එම වසංගතය මේ වන විටත් ලොව පුරා පැතිර ගොස් අවසන්ය. මෙම වෛරසය බෝ වීම සම්බන්ධයෙන් බොහෝ මත මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වේ. “චිනයෙන් ගෙන්වන බඩු භාණ්ඩ හා පාර්සල් මගින් මෙම නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වේ” යනුවෙන් ප්‍රචාරය වන පුවත් ද සමාජ මාධ්‍යයේ සංසරණය වූයේ බොහෝ දෙනා තැති ගන්වමිනි.
වෛද්‍ය උපදෙස් වලට අනුව මෙම වෛරසයට දිගු කාලයක් යම් පෘෂ්ඨයක් මත රඳා පවතිමින් වෙනත් රටවල් වලට එය ව්‍යාප්ත කරවීමට තරම් හැකියාවක් නොමැති බව තහවුරු වේ. එබැවින් මෙම වෛරසයට ආහාර වැනි දෑ තුළින් ව්‍යාප්ත විය නොහැකි බව තවදුරටත් සනාථ වේ.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙසේ ඇසුරුම් හරහා වෙනත් රටවල් වලට මෙම වෛරසය ව්‍යාප්ත වන බවට කිසිදු සාක්ෂියක් සොයා ගෙන නොමැති බව පවසයි. නමුත් මෙම වෛරසය නිශ්චිතවම කොතරම් කාලයක් රඳා පවතින්නේ දැයි තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත. එය විවිධ පරිසර තත්ත්වයන්ට හා උෂ්ණත්වයට නිරාවරණය වන ආකාරය අනුව එහි ජීව කාලය තීරණය වන බවත් වෛරසය පැතිරෙන ප්‍රධානතම ක්‍රමය වන්නේ පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වන බවත් ඔවුන් පෙන්වා දෙයි. එබැවින් පුද්ගලයන් සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීමේදී මීටරයක දුරක් තබා ගන්නා ලෙසත් තප්පර විස්සක් දෑත් සබන් ගා වරින් වර සෝදන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාව දැනුවත් කරයි
එබැවින් සමාජ මාධ්‍ය වල පළ වෙන ඇතැම් අසත්‍ය තොරතුරු පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සුදුසු නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.
(රිෂ්මි ඉෂාරා)
සමාජ මාධ්‍ය ගතවන වැරදි තොරතුරු වල නිවැරදි තත්වය දැනගන්න clearnews.lk බුක් මාර්ක් කරගන්න
Be First to Comment