ඇමෙරිකාව විසින් මේ වන විට කොරෝනා වෛරසය මර්දනය කළ හැකි එන්නතක් සොයාගෙන ඇති බවට පරීක්ෂණ කට්ටලයක ඡායාරූපයක් සමග පලවන පෝස්ට් සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් තිබේ.
ඇමරිකාවේ “Roche medical” ආයතනය විසින් මෙම එන්නත නිර්මාණය කර ඇති බවත් එම සමාගම එම එන්නත ඉතා ඉක්මනින් කොරෝනා වෛරසයට එරෙහිව ව්‍යාප්ත කිරීමට සූදානම් බවත් එම දැන්වීම් වල පල කර තිබුණි. Tooro television නම් ෆේස්බුක් පිටුවක් මගින්ද කොරෝනා වෛරස එන්නත සූදානම් බවට පුළුල් ප්‍රචාරයක් දී තිබුණි. එමෙන්ම මෙම එන්නත ලබාදී පැය තුනක් ඇතුළත රෝගියා සුව කළ හැකි බවත් මෙම මාත්‍රා දැනටමත් සූදානම් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් ප්‍රචාරය විය.
මෙවන් තොරතුරු පැතිරයාමත් සමග ජනතාව දැඩි උනන්දුවකින් මෙම එන්නත පිළිබඳ විස්තර සෙවීමට උත්සුක වී ඇති බැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සලකා බැලීම යහපත්ය. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පරීක්ෂණ කට්ටලයක් මිස එන්නතක් නොවන බවටත් කරුණු අනාවරණය විය. එසේම මෙහි දකුණු කොරියාවේ වෙළඳනාමයක් දක්නට ලැබෙන බැවින් මෙය ඇමරිකාවේ නිෂ්පාදනයක් නොවන බවටද කරුණු තහවුරු වී තිබේ.
නැනෝ අංශු මත පදනම් වූ ප්‍රතිශක්තීකරණ පර්යේෂණ කට්ටලයක ඡායාරූපයක් මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවත් මෙය කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ එන්නතක් නොවන බවත් මේ වන විට පැහැදිලිවම හඳුනා ගෙන තිබේ එබැවින් එය අසත්‍ය ප්‍රකාශයක් වන බව තහවුරු වේ.
කෙසේ නමුත් ඇමරිකාව මෙම නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රති ඖෂධ සෙවීමේ පළමු වෙඩිමුරය තබා ඇති බව අප දන්නා කරුණකි. එබැවින් අසත්‍ය තොරතුරු වලට නොරැවටී මෙම වෛරසයෙන් ආරක්ෂා විමට ගතයුතු ක්‍රියා මාර්ග අනුගමනය කිරීම වඩාත් යහපත් වේ.
(රිෂ්මි ඉෂාරා)
Be First to Comment