Press "Enter" to skip to content

ලොක් ඩවුන් නීති කැඩූ අයට පොලිස් දඩුවමේ වැරදි ෆොටෝ

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට සියලු රටවල් වලට සිදුව තිබේ. මෙම අන්තරාදායක වෛරසය මැඩ පැවැත්වීමට මේ වන විට ලොව පුරා බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටි. මෙම ක්‍රියාමාර්ග අතරින් බහුතර රාජ්‍යයන් මේ වනවිට අනුගමනය කර ඇත්තේ “lockdown” ක්‍රමවේදයයි. මෙම ක්‍රමවේදය යටතේ රටේ සියලු නගර වසා දැමීමට බොහෝ රටවල් කටයුතු කර ඇති අතර ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද තම රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් දින විසිඑකක් රට අගුළු දැමීමට අගමැති මෝදි විසින් තීරණය කර තිබියදී එම අවස්ථාවන්ට මුහුණ දීමේදී ඉන්දීය පොලිසිය විසින් රජයේ මෙම දැනුම් දීමට එරෙහිව නීතිය කඩකළ පුද්ගලයන්ට දඬුවම් දුන් පුවතක් පිළිබඳ වැරදි තොරතුරු රාශියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරෙමින් පවතී.

අගුලු දැමීමේ නීතිය කඩ කරමින් ක්‍රියා කළ පුද්ගලයෙකුට ඇසෑම්හි සිට දඬුවම් කරන පොලිස් නිළධාරියකුගේ පින්තූරයක් සමඟ මෙම වැරදි තොරතුරු සංසරණය වෙමින් පවතී. නමුත් මෙම ඡායාරූපය ඇසෑම්ස්හි ගත්තක් නොවන බවත් එය පකිස්ථානයේදි ගත් ඡායාරූපයක් බවත් මේ වන විට තහවුරු වී තිබේ.

මෙසේ සංසරණය වන්නේ පාකිස්තානයේ කරච්චි නුවර දී නීතිය කඩ කළ පුද්ගලයින්ට එරෙහිව පකිස්ථාන පොලිස් නිලධාරියෙක් දඬුවම් දෙන ඡායාරූපයකි. කෙසේ නමුත් මාර්තු 23 පකිස්ථානයේ මෙම lockdown ක්‍රමවේදය බලාත්මක විය. එමෙන්ම මෙම සංසරණය වන ඡායාරූපයේ සිටින පොලිස් නිලධාරියාගේ අත් මත ඇති ලාංඡනය ඉන්දියාවේ නොවන අතර එය පකිස්ථාන රජය මෙන් පෙනෙන බව දක්නට තිබේ. එබැවින් මෙය ඉන්දියාවේ නොව පකිස්ථානයේදී සිදුවූ සිද්ධියක් බවට කරුණු කිහිපයක්ම තහවුරු වී තිබේ.

එබැවින් සමාජ මාධ්‍යයක මෙසේ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කරමින් ජනතාව භය ගැන්වීම සහ නොමඟ යැවීම කිසිසේත් අනුමත කල නොහැක.
(රිෂ්මි ඉෂාරා)

2,977 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk