Press "Enter" to skip to content

ලබන අප්‍රේල් 29 ඇස්ටරොයිඩයකින් පෘතුවිය විනාශවන බවට ආරංචියක්

2020 අප්‍රේල් මස 29 වැනි දින පෘථිවිය හරහා ග්‍රාහකයක් ගමන් කරන බවත් එය පෘථිවියට පැමිණීමත් සමඟ එමගින් පෘථිවියේ සමස්ත ශිෂ්ටාචාරයම විනාශ වන බවත් සඳහන් කරමින් විවිධ පුවත් රැසක් සමාජ ජාලා වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ මේ දිනවල ප්‍රචාරය විය. ට්විටර් පරිශීලකයෙකු වන භවානි කුමාර් මල්හි විසින් තම ට්විටර් ගිණුමේ පලකළ පණිවිඩයක් සමග මෙම පුවත මෙසේ මුළුමහත් ලෝකයේම ජනතාව අතර වැඩි කතා බහට ලක්විය. ඇය එම පණිවිඩයේ සඳහන් කර තිබුණේ එය 2020 අප්‍රේල් 29 වන දින පෘථිවියට පහරදී මනුෂ්‍යත්වය අවසන් කිරීමට තරම් හැකියාවක් ඇති ග්‍රාහකයක් බව නාසා ආයතනය තහවුරු කළේය යනුවෙනි. නමුත් මෙම පණිවිඩය අසත්‍ය බව නාසා ආයතනය විසින් මේ වන විට දැනුවත් කර තිබේ.

express.co.uk නැමැති වෙබ් අඩවියෙහි පළකර තිබූ ලිපියක් පදනම් කරගෙන සමාජ මාධ්‍ය විසින් මෙම පුවත ප්‍රචාරය කර ඇති බව ඔවුන් පවසයි. ග්‍රාහක අනතුරු ඇඟවීම හෙවත් asteroid warning යන ලිපිය පාදක කොටගෙන සංසරණය වෙන මෙම තොරතුරු අර්ධ වශයෙන් සත්‍ය බව ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි. කෙසේ වෙතත් 2020 අප්‍රේල් මාසයේ දී පෘථිවියට පහර දෙමින් ශිෂ්ටාචාරය විනාශ කරන බවට පළවෙන ප්‍රකාශය ව්‍යාජ හා නොමඟ යවන සුළු බව ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරයි.

1998 දී OR2 ලෙසද හැඳින්වෙන මෙම ග්‍රාහකය අප්‍රේල් 29 වැනි දින පෘථිවිය පසුකර යාමට සූදානම් බවත් පෘථිවියේ සිට එහි දුර කිලෝමීටර් 6.3 ක් බවත් සොයා ගෙන තිබේ. එබැවින් මෙය නව සොයාගැනීමක් නොවන බවත් මෙය අනතුරුදායක වස්තුන් ගණයේ වර්ගීකරණය කර ඇතත් පෘථිවි කක්ෂය හරහා ගමන් කරන බැවින් ඉන් එතරම් දරුණු ආකාරයේ විනාශයක් පෘථිවියට සිදුනොවන බවත් නාසා ආයතනය පවසයි. එමෙන්ම මෙම ග්‍රාහකය පෘථිවිය විනාශ කිරීමේ සම්භාවිතාව අඩු බැවින් ඉන් පෘථිවියට සිදුවන විනාශකාරී බලපෑම අඩු බවත් එය ආරක්ෂිතව පෘථිවිය පසුකර යනු ඇතැයි විශ්වාස කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් මෙම ග්‍රාහකය මගින් පෘථිවිය හෝ ශිෂ්ටාචාරය විනාශ වන බවට පළවෙන තොරතුරු අසත්‍ය බව නාසා ආයතනය තහවුරු කර තිබේ.
(රිෂ්මි ඉෂාරා)


4,458 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk