Press "Enter" to skip to content

ඉතාලියේ එක් දිනක් තුළ මියගිය රෝගීන්ගේ මිනීපෙට්ටි ව්‍යාජ ඡායාරූප

මේ වන විට පවතින දත්ත වලට අනුව මෙම කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි. එමෙන්ම ගෝලීය වශයෙන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයකට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර මේ හේතුවෙන් බොහෝ රටවල් “Lockdown” හෙවත් අගුලු දැමීමේ පියවර අනුගමනය කරමින් සිටී. මෙම උවදුරට එරෙහිව සටන් කිරීම සඳහා සෑම රටකම රාජ්‍යයන් විසින් විවිධ පියවර ගෙන තිබේ. මෙම ඇතැම් තීරණ රාජ්‍ය මාධ්‍යයන් විසින් වගකීමෙන් යුතුව ප්‍රචාරය කළත් සමාජ මාධ්‍ය හරහාද  මෙවන් බොහෝ පුවත් මේ දිනවල ප්‍රචාරය වන බව දක්නට ලැබේ.
කෙසේනමුත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන මෙම කතා වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මේ වනවිට බොහෝ මත පළ වෙමින් තිබේ.
ඉතාලියේ දී කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් එක් දිනක් තුළ මියගිය රෝගීන්ගේ මිනීපෙට්ටි යැයි පවසමින් මිනි පෙට්ටි වලින් පිරුණු ශාලාවක් නිරූපණය කෙරෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් තිබේ. නමුත් ඉන්දියාවේ AFWA  විසින් මෙය ඉතාලියේ දී ගත් ඡායාරූපයක් වන නමුත් එය මීට වසර 7 කට පමණ පෙර ගත් ඡායාරූපයක් බවත් කොරෝනා වෛරසය සමග මෙම ඡායාරූපයේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවටත් කරුණු අනාවරණය කර තිබේ. මීට අමතරව තවත් බොහෝ වගකිවයුතු මාධ්‍ය පවසා තිබෙන්නේ මෙය කොරෝනා වෛරසය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඡායාරූපයක් බවයි. කෙසේ වෙතත් මේ වන විට මෙම ඡායාරූපය ද ඉතාලියේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව පළවෙන සමාජ මාධ්‍ය පිටුවවල අපට බහුලව දක්නට ලැබේ.
(රිෂ්මි ඉෂාරා)

සමාජ මාධ්‍ය ගතවන වැරදි තොරතුරු වල නිවැරදි තත්වය දැනගන්න clearnews.lk බුක් මාර්ක් කරගන්න

4,806 views

One Comment

  1. Sama Sama March 27, 2020

    ඉහත රූපයේ දැක්වෙන්නේ එම ඡායාරූපය ඉතාලියේ දී ගත් එකක් බව ය. එයින් පෙන්නුම් කරන්නේ අප්‍රිකානු සංක්‍රමණිකයන්ගේ මිනී පෙට්ටි ඉතාලි දූපතක් වන ලැම්පෙඩුසා දූපතෙන් ගිලී යද්දී දියේ ගිලී මිය ගිය බවයි. එය 2013 ඔක්තෝම්බර් මාසයේදී ගන්නා ලද අතර එය ගෙන ඇත්තේ ටුලියෝ එම්. පුග්ලියා විසිනි.

    මෙම සිද්ධිය පිළිබඳව බීබීසී වාර්තා කරන ලද ලිපියක දැක්වෙන්නේ මගීන් 500 ක් සිටින බවට ගණන් බලා ඇති මෙම බෝට්ටුවේ එන්ජිම ඇණ හිට ඇති විට මිස්රාටා ලිබියාවේ සිට පිටත්ව ගොස් ඇති බවයි. මගීන් ආපදා සං signal ාවක් ලෙස ගින්නක් දැල්වූ නමුත් එය බෝට්ටුවේ ඉතිරි කොටස දක්වා පැතිර ගියේය. පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 200 දෙනෙකුට ගණන් දිය නොහැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk