Press "Enter" to skip to content

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාට කොරෝනා වැළඳී ඇතැයි කතාවක්

Covid 19 වෛරසයට සම්බන්ධ අසත්‍ය ප්‍රචාරයන් රැසක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාටද මෙම නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බව පවසමින් එරට ෆේස්බුක් පරිශීලකයන් අතර මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රබල පුවතක් සංසරණය වෙමින් තිබේ.

ඉන්දීය ස්වදේශ කටයුතු භාර අමාත්‍ය අමිත් ෂා මහතා ඉතාලියේ සංචාරය කර පැමිණ තිබෙන අතර ෂා මහතා නැවතත් ඉන්දියාවට පැමිණීමෙන් පසු ඔහු නව කොරෝනා රෝගයේ ද ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙන බව සඳහන් කරමින් ඔහුගේ සුවය සඳහා යාඥා කරන්නැයි ඉල්ලමින් මෙම ප්‍රචාරය බොහෝ දෙනා අතර සංසරණය වී තිබේ. නමුත් මෙම පුවත පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී මෙය අසත්‍ය පුවතක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට කොවිඩ් 19 වැළඳී නොමැති බවත් මේ වන විට තහවුරු කරගෙන තිබේ.

ව්‍යාජ වෙබ් අඩවියක් විසින් මෙම පුවත නිර්මාණය කර ඇති බවත් අමිත් ෂා මහතා ඉතාලියට ගිය බවට කිසිදු තොරතුරක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බවත් අපට දැනගන්නට ලැබුණි. එබැවින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් හට මෙම වෛරසය වැළඳී ඇති බවට පළවෙන පුවත් අසත්‍ය වේ. ඔහු කිසිදු අවස්ථාවක මෙම covid 19 පරීක්ෂණයකට මුහුණ දී නොමැති බවත් එබැවින් එහි ධනාත්මක රෝග ලක්ෂණ ඔහු විසින් පෙන්නුවා යැයි කිසිසේත් පිළිගත නොහැකි බවත් තහවුරු වේ. එබැවින් මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයකි.

එබැවින් සමජ මාධ්‍ය තුළින් මෙවන් තොරතුරු බෙදාහදා ගැනීමට පෙර ඒවාහි සත්‍ය තාවය පරික්ෂා කිරීම අතිශයින් වැදගත් වන අතර පරිස්සම් සහගතව සමාජ මාධ්‍ය භාවිත කිරීමට අප වගබලා ගත යුතුයි.
(රිෂ්මි ඉෂාරා)

363 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk