කොරෝනා වෛරස වසංගත හේතුවෙන් සමස්ත ලෝකයේම ආර්ථිකය මේ වන විට පසුබෑමකට ලක්ව තිබේ. බොහෝ රටවල් lockdown කිරීම හෙවත් අගුලු දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමත් සමග මෙම ආර්ථික පසුබෑම ට විශාල වශයෙන් මුහුණ දීමට ඔවුන්ට සිදු වී ඇත. මේ කරුණත් සමග ඉන්දියාව ද පසුගිය විසි එක් වැනි දා තම රට lockdown කිරීමට තීරණය කර තිබුණි.
මේ තීරණයත් සමග විශාල පිරිසකට තමන්ගේ රැකියා ස්ථානවලට නොගොස් නිවසට වී සිටීමට සිදුවිය. මේත් සමඟම රජයේ සේවකයන්ගේ වැටුපෙන් එමෙන්ම විශ්‍රාම වැටුපෙන් රුපියල් 5000 ක මුදලක් අඩු කරන බව පවසමින් වට්ස්ඇප් හි (Whatsapp) කෙටි පණිවිඩයක් ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන බව දකින්නට ලැබුණි.
නමුත් මේ වන විට මෙම පණිවිඩය රජය විසින් කළ නිල නිවේදනයක් නොවන බවත් එහි නිර්වද්‍යතාවය පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් මෙවන් ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් එය ජනතාව නොමග යවා ඇති අසත්‍ය පණිවුඩයක් බවටත් සාක්ෂි හිමිව ඇත. එබැවින් මුළු ලෝකය ම මෙවන් දරුණු ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙවන් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව බිය ගැන්වීම නුසුදුසු ක්‍රියාවක් බව සියලු දෙනා තේරුම්ගත යුතුය.
එමෙන්ම සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන මෙවන් පණිවිඩ හුවමාරු කර ගැනීමේදී ඒවා පිළිබඳව නිසි අවබෝධයක් ඇතිව කටයුතු කිරීම මෙවන් අවස්ථාවක ඉතා වැදගත් වන බව සියලු පුද්ගලයන් අවබෝධ කරගත යුතුයි.
(රිෂ්මි ඉෂාරා)
Be First to Comment