Press "Enter" to skip to content

කොරෝනාවෙන් රට බේරාගන්න බැරිව ඉතාලි අගමැති කඳුළු සැලූ සේයාරුව

ඉතාලියේ අගමැති කොන්ටෙ ඉතාලියේ වැසියන් කොවිඩ් 19 උවදුරෙන් බේරා ගැනීමට තමන්ට නොහැකි වූ බව පවසමින් ශෝකාන්විතව වැලපෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. නමුත් මෙම ඡායාරූපයේ සිටින්නේ ඉතාලි අගමැතිවරයා නොව බ්‍රසිල ජනාධිපතිවරයා බවට මේ වන විට කරුණු හෙළි වී තිබේ.

තම රට තුළ කොවිඩ් 19 හේතුවෙන් මරණයට පත් වන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් කම්පාවට පත්ව එය සඟවා ගැනීමට නොහැකිව මෙසේ වැලපුණු බව බොහෝදෙනෙක් පවසයි. හින්දි භාෂාවෙන් පළ කර තිබූ පුවතක සඳහන් වූයේ ද ” අග්‍රාමාත්‍යවරයාට සියලු බලතල තිබියදීත් ඔහුට කිසිවක් කල නොහැක. මිනිසාගේ අසරණභාවය මෙයයි. ඔහුගේ දෑස් දෙස බලන්න. ඔහුගේ වේදනාව තේරුම් ගන්න” යනුවෙනි. නමුත් මෙම පුවත පරීක්ෂා කිරීමේ දී පෙනී ගියේ එම පින්තූරයේ මෙන්ම එහි සඳහන් විස්තරයන්ද අසත්‍ය බවයි.

මෙම පින්තූරය බ්‍රසීල වෙබ් අඩවියක් වන PODER 360 තුළ තිබියදී සොයාගැනීමට හැකිවී තිබේ. එය 2019 දෙසැම්බර් මාසයේ දී පළ කරන ලද ඡායාරූපයකි. එසේම මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ ප්ලැමන්ටොහි කිතුනු පූජකවරයකු කළ දේශනාවකින් අනතුරුවයි. 2018 මැතිවරණ ව්‍යාපාරයක් අතර දී සිදු වූ සිදුවීම මතකයට නැගීම හේතුවෙන් ඔහු මෙසේ සානුකම්පිත ව සිටිමින් තම දේශනය කරන විටදී මෙම ඡායාරූපය ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම ඡායාරූපයට ඉතාලියේ අගමැතිගේ හෝ covid 19 වෛරසය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට මේ වන විට කරුණු හෙළිවී ඇත. එමෙන්ම මෙහි සිටින්නේ ඉතාලි අගමැතිවරයා නොව බ්‍රසීල ජනාධිපති වරයා බවටද කරුණු තහවුරු වී ඇත.
(රිෂ්මි ඉෂාරා)

3,196 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk