Press "Enter" to skip to content

ඉතාලි කොරෝනා මරණ බව කියා භූමි කම්පා විපතක ඡායාරූප හුවමාරු වෙලා

ඉතාලිය යනු මේ දිනවල කොවිඩ් 19 වෛරසයෙන් දරුණු ලෙස බලපෑමට ලක් වූ රටකි. එරට මෙම වෛරසය ආසාදනය වූ ආසාදිතයන් ගණන මේ වන විට 80 000 ද ඉක්මවා ගොස් ඇත. මෙවන් අවාසනාවන්ත මොහොතක මෙම වෛරසයට මුහුණදීමට තරම් වෛද්‍ය පහසුකම් ඉතාලිය තුළ නොමැති බව පවසමින් එළිමහනේ ප්‍රතිකාර ලබන රෝගීන්, ළදරුවන් සමග ඉන්කියුබේටර් තල්ලු කරන පිරිමි පුද්ගලයන් මෙන්ම පාරවල් අසල ළදරුවන් රැගෙන සිටින මව්වරුන්ගේ ද ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම වෛරසය හේතුවෙන් ඉතාලියේ රෝහල් වල ඉඩකඩ පහසුකම් නැත. ඔබ නිවසෙන් පිටතට පාදය තැබීමට පෙර දෙවරක් සිතන්න. යනුවෙන් මෙම ඡායාරූප සමග සටහනක් තබමින් ඉහත ඡායාරූප පෙළ මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.

නමුත් අප මේ පිළිබඳව කළ විමසීමකදී මෙම පින්තූර සමඟ කෝවිඩ් 19 ට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවත් ඒවා මෑත කාලීන ඡායාරූප නොවන බවටත් කරුණු අනාවරණය විය. ක්‍රොඒෂියාවේ අගනුවර වූ සැග්‍රෙම්හිදී සිදුවූ භූමි කම්පාවක් අතරතුරදී මෙම ඡායාරූපය ගෙන ඇති බවත් එම භූමිකම්පාව හේතුවෙන් ඒ අවට රෝහල් මෙන්ම දේවස්ථාන ආදී සියල්ලම බලපෑමට ලක් වූ බැවින් එම ප්‍රදේශ වැසියන් අග නුවරින් පිටත්ව යන අවස්ථාවෙ එම පුද්ගලයන් මෙසේ ඡායාරූපයට නගා ඇති බවත් අපට තහවුරු විය.

ABC ප්‍රවෘත්ති වාර්තාවකින් ද සැග්‍රෙම්හිදී මාතෘ වාට්ටුව කින් නව මව්වරුන් ඉවත් කළ බව සඳහන් කරමින් මෙම ඡායාරූපය ඉදිරිපත් කර තිබෙනු දකින්නට ලැබුණි. ඉහත කරුණු සියල්ල සලකා බලන විට මෙම ඡායාරූප ඉතාලියේ නොව ක්‍රොයේෂියාවේ සිට ගන්නා ලද ඡායාරූප බව පැහැදිලිය. භූමිකම්පාවක බලපෑමක් පෙන්නුම් කර ඇති එම ඡායාරූප covid 19 වෛරස හෝ ඉතාලිය සමග කිසිදු සම්බන්ධතාවක් නොපවත්වන බව මෙම කරුණු වලින් තහවුරු වේ.

නමුත් මේ වන විට ක්‍රොඒෂියාව ද covid 19 වෛරසයේ බලපෑමට ලක්ව ඇති අතර ඔවුන් ද අර්ධ වශයෙන් තම රට lockdown හෙවත් අගුළු දැමීමට තීරණය කර තිබේ. එමෙන්ම ඉතාලියේ ජනතාව ඉතා අසරණ අසරණවී සිටින මෙවන් අවස්ථාවක මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ඔවුන්ට තවත් මානසික ආතතීන් ලබාදීම කිසිසේත් අනුමත කළ නොහැක.
(රිෂ්මි ඉෂාරා)

1,934 views

One Comment

  1. true boy true boy April 2, 2020

    But All of them are using a face mask. If it is not due to Covid 19, why do they ware face masks? Which implies pictures are related to the covid

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk