Press "Enter" to skip to content

වෛද්‍යවරුන් සහ හෙදියන් දාහත් දෙනෙකු ඉතාලියේ දී මියගිය ඡායාරූප වල ඇත්ත

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ඉතාලිය පිළිබඳව මුළු මහත් ලෝකයේම අවධානය යොමුව තිබේ. මෙවන් අවස්ථාවක වෛද්‍යවරුන් සහ හෙදියන් දාහත් දෙනෙකු ඉතාලියේ දී මියගොස් ඇති බවට කරුණු සදහන් කරමින් වීදියක වැටී සිටින පුද්ගලයන්ගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹමින් පවතී.

නමුත් ඉහත සඳහන් ව ඇති විස්තර අසත්‍ය බව මේ වන විට සොයාගෙන තිබේ.මෙය ඉතාලියේ ඡායාරූපයක් නොවන බවත් කොලොම්බියාවේ දී ගන්නා ලද්දක් බවටත් කරුණු හෙළිවී ඇත. මෙසේ සංසරණය වන්නේ බොගෝටා හි තරුණයන් පිරිසක් විසින් covid 19ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතරේ ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳ සිටි මෙම තරුණයන්ගේ ඡායාරූපයකි. එබැවින් වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් ඒවා හුවමාරු කරගැනීමත් අසත්‍ය පුවත් වලට රැවටීමත් අනුවණ ක්‍රියාවකි.
(රිෂ්මි ඉෂාරා)

8,441 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk