Press "Enter" to skip to content

ලොක්ඩවුන් වූ ඉන්දියානුවන් තණකොළ ආහාරයට ගන්නා කතාව

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ලොවපුරා රටවල් ක්‍රියාත්මක වෙමින් සිටින අතර ඉන්දියාවද තම රට මේ වනවිට lockdown හෙවත් අගුලු දමා තිබීම අප සියලු දෙනා දන්නා කරුණකි. මෙම අගුළු දැමීමත් සමග එරට ජනතාවට විවිධ දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවී ඇති බව සත්‍යයකි. නමුත් එය ඉන්දියාවට පමණක් මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතාවයක් නොව ලෝකවාසී සමස්ත ජනතාවම මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් විවිධ අපහසුතාවයන් වලට මුහුණ දෙමින් සිටින බව සියල්ලන්ම දන්නා කරුණකි. සමාජ මාධ්‍යයේ පුළුල් ලෙස ව්‍යාප්ත වන ප්‍රචාරයක් හේතුවෙන් ඉන්දියාවේ මුසාහාර් ප්‍රාන්තයේ ජනතාවට තණකොළ ආහාරයට ගැනීමට සිදුවී ඇති බවට පුවතක් සංසරණය වීමත් සමඟ මේ පිළිබඳ පුළුල් කතිකාවතක් නිර්මාණය වී තිබේ.

ෆේස්බුක් පිටුවක ලියා ඇත්තේ දැඩි බලාපොරොත්තු සුන්වීම සහ කෝපය නිසා මුසාහාර් ප්‍රජාවෙහි ළමුන් තණකොළ කමින් සිටිනු දක්නට ලැබුණු බවයි. එසේම ජන්සන්දේශ් ටයිම්ස් පුවත්පතේ ශීර්ෂ පාඨයක සඳහන් කර තිබුණේ දුප්පතුන්ට තණකොළ කෑමට බල නොකිරීමට වහාම ආහාර පිළියෙල කරන ලෙස රජයට ආයාචනා කරන බවයි. වරණාසි අවට ගම්මාන වල තණකොල කමින් සිටින දරුවන්ගේ ඡායාරූප පළ කරමින් සමස්ත ඉන්දියාවම මෙවන් පුවතකින් ජනතා අප්‍රසාදයට පත්කිරීම මෙන්ම විවේචනය කිරීම ද මෙසේ අසත්‍ය ප්‍රකාශ පළ කිරීම ද නුසුදුසු බව වගකිවයුතු බලධාරීන් මේ වනවිට තරයේ ප්‍රකාශ කොට තිබේ.

තවදුරටත් මුසාහර් ප්‍රජාවට තණකොළ කෑමට බල කර ඇති බවටත් ඔවුන්ගේ සනීපාරක්ශක පහසුකම් රජය විසින් ලබාදී නොමැති බවටත් විවිධ කරුණු මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. අඩුම තරමේ එම ජනතාවට දෑත් සේදීමට සබන් හෝ නොමැති බව එම වාර්තාවලින් තවදුරටත් කරුණු පැහැදිලි කර තිබුණි.

ඉන්දියාවට පමණක් නොව බොහෝ රටවල් වල සමස්ත ජනතාවටම සමාන අයුරින් පහසුකම් සැපයීම විශේෂයෙන් මෙවන් අවස්ථාවක අපහසු බව අප පිළිගත යුතුයි. කෙසේ නමුත් මෙම ඡායාරූපයේ සිටින ළමයින් අනුභව කරන්නේ තණකොල නොව පරිප්පු වර්ගයක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. පරිප්පු අනුභව කිරීම තණකොළ කෑමක් ලෙස විස්තර කරමින් වැරදි තොරතුරු පතුරවා හැරීමට උත්සාහ කිරීම මෙවන් අවස්ථාවක උචිත නොවේ.

මෙම ඡායාරූපයේ සිටින දැරිය එම පඳුරෙන් යමක් ඉවතට ගැනීමට උත්සාහ කරන අයුරු දැකගැනීමට හැකිය. එබැවින් මෙය අසත්‍යක් බව පැහැදිලිය. ඉන්දීය රජය විසින් මෙම ගැටළුව හේතුවෙන් කම්කරු දෛනික වැටුප් පිළිබඳව මෙන්ම ජනතාව සඳහා සහන ලබාදීමේ ක්‍රියාපටිපාටියක් ද සූදානම් කර ඇති බව දැනගන්නට ලැබී තිබෙන මෙවන් අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම කිසිසේත් උචිත නොවන බව එරට බලධාරීන් පවසන්නේ කොරෝනා වෛරස මාරයාට එරෙහිව සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට සමස්ත ජනතාවටම වැදගත් පණිවිඩයක්ද ලබාදෙමිනි.
(රිෂ්මි ඉෂාරා)

4,116 views

One Comment

  1. නාමල් නාමල් April 1, 2020

    වැරදි ප්‍රවෘත්ති දාන එවුන්ට දඬුවම් දෙන්න කවුරුත් නැද්ද.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk