ගෝලීය වසංගතයක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වී ඇති මෙම කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා තිස් තුන්දාස් නවසිය හැත්තෑ හය දෙනෙකු පමණ මරණයට පත්ව ඇති අතර හත් ලක්ෂ විසි දෙදහස් එකසිය අනූ හයක් පමණ ආසාදිතයන් ප්‍රමාණයක් සිටින බවටද තොරතුරු හෙළිවී තිබේ . එමෙන්ම රටවල් එකසිය අනූ නමයක් ආසාදිත රටවල් ලෙස නම් කර ඇති අතර මේ හේතුවෙන් රජ පවුල්වල සිට දිලින්ඳන් දක්වා අතිවිශාල ප්‍රමාණයක් මරණයට පත්ව තිබෙන්නේ ලක්ෂ ගණනක් ජනතාවගේ සිතුම් පැතුම්ද බිඳ දමමිනි. මේ අයුරින් දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව අඩු කරගැනීමට තමන්ගේ සේවය ලබා දුන් ඉන්දියාවේ වෛද්‍යවරයෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වෙමින් මිය ගිය බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සීඝ්රයෙන් සංසරණය වනු දක්නට ලැබේ.
මෙම වෛද්‍යවරයා දිල්ලියේ ජීවත් වෙමින් කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කළ පුද්ගලයකු බවත් ඔහු නමින් උස්මාන් රියාස් වන බවත් හෙළි කරමින් වෙද නලාව තම කරමත තබාගෙන සිටින වෛද්‍යවරයකුගේ ඡායාරූපයක් මෙසේ සංසරණය වේ.
නමුත් මේ වන තෙක් දිල්ලියෙන් එවන් පුවතක් ලැබී නොමැති බව india today පුවත් ආයතනය විසින් සොයාගන තිබේ. එසේම මෙම ඡායාරූපයේ සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු බවත් ඔහු ජීවතුන් අතර සිටින බවත් මේ වන විට අනාවරණය වී තිබේ. නමුත් පාකිස්තානයෙන් ඔස්මාන් රියාස් නැමැති වෛද්‍යවරයෙක් මියගොස් ඇති බවට කරුණු හෙළිවී තිබේ. එනමුත් දිල්ලියෙන් මෙවන් කිසිදු වෛද්‍යවරයෙකු මිය ගොස් නොමැති බවත් එම ඡායාරූපයේ සිටින්නේ එමීර් රාජ්‍යයේ සාමාන්‍ය වෛද්‍ය වරයකු බවත් එබැවින් මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන් ජනතාව නොමග යැවීම සඳහා නිර්මාණය කර ඇති අසත්‍ය පුවතක් වන බවත් පැහැදිලිය.
(රිෂ්මි ඉෂාරා)
Be First to Comment