Press "Enter" to skip to content

කොතලාවල රෝහල කොරෝනා ප්‍රභූන්ට වෙන් කරපු කතාව ඇත්තද?

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහල කොරෝනා ආසාදිත ප්‍රභූන් සඳහා වෙන්කර තිබෙන බවට සමාජ මාධ්‍ය පිටු ගණනාවක පසුගිය දිනවල රැල්ලක් මෙන් පැතිර ගිය ආරංචියකි.
“කොතලාවල යුනිවසිටි රෝහල ආසාදිත ප්‍රභූන්ට වෙන්කරයි” මාතෘකාව යොදා විශ්ව විද්‍යාල රෝහලේ ඡායාරූපයක්ද සමගින් එය හුවමාරුවූ අතර එක් පිටුවකින් කියා තිබුනේ ‘උන් දැනටම ඇඳනුත් වෙන් කරගෙන ඇති. දෙයක් උනොත් දුප්පත් උඹට මට මේ රටේ මොකක්ද වෙන්නේ කියල හිතා ගනින්” ලෙසද දක්වමිනි.
මෙම පොස්ටු වලට මුල්ව ඇත්තේ එක්තරා වෙබ් අඩවියක් නොමග යවන සුළු මාතෘකාවක් යොදා මෙම පුවත පළ කිරීම නිසා එම පුවතේ ඇතුළාන්තය නොකියවා මාතෘකාව පමණක් බලා නිර්මාණය කළ ආරංචියකි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන ප්‍රසන්න හේරත් මහතා මෙම සටහනට පිළිතුරු ලබාදෙමින්
“මෙය මුලුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු…..
සම්පූර්නයෙන් නොමිලේ මහජනතාවට සේවය ලබා දෙන අප රෝහලට සමාජ මාධ්‍ය භාවිතා කරමින් සාපරාදී සහ ද්වේශ සහගත ලෙස අපහාස කිරීම තරයේ හෙලා දකිමු…..
සැමදාමත් මෙන් අදත් හෙටත්… මතුවටත්…. එහි සේවය පන්ති බේද නොසලකා මෙරට මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙනු ඇත” යනුවෙන් දන්වා තිබුණි.
වැඩිදුර සොයා බැලීමේදී හෙළි වූයේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය ශික්ෂණ රෝහල, දැනට කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් තුනේ ධාරිතාව ඉක්ම ගිය පසු අවශ්‍යතාවයක් මතු වුවහොත් පමණක් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස ප්‍රයෝජනයට ගැනීමට සූදානමින් තබා ඇති එකක් පමණක් බවය.
රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මේ ගැන ස්වාධීන රූපවාහිනියට කරුණු දක්වා තිබුනේ පහත පරිදිය.

9,163 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk