Press "Enter" to skip to content

බේකරි නිෂ්පාදන වලින් කොරෝනා පැතිරෙන බව WHO කිව්වාද?

කොරෝනා වෛරසය සමග ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ. නිතරම දෑත් සෝදා පිරිසිදු ව සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO) නිවේදනය කිරීමත් සමඟ ජනතාව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ආරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමුකර තිබේ. නමුත් බේකරි නිෂ්පාදන අනුභව නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බවට නිවේදනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වේ. මෙහි සත්‍ය අසත්‍ය පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් ලබා දෙමින් සත්‍යය අනාවරණය කරගැනීම ඉතාමත් වැදගත් වනු ඇත.

ඉහත දැන්වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාංඡනය සමඟ සංසරණය වන අතර එහි බේකරි නිෂ්පාදනයන් සේදිය නොහැකි බැවින් එම නිෂ්පාදන අනුභව කිරීමෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවට ප්‍රකාශ පළව තිබේ. එසේම එම නිෂ්පාදන හරහා ඉතා පහසුවෙන් වෛරසය ආසාදනය විය හැකි බවත් එහි සඳහන් කර තිබේ. නමුත් AFWA ප්‍රවෘත්ති අංශය සොයාගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිසේත් බේකරි නිෂ්පාදන හෝ භාණ්ඩ සම්බන්ධයෙන් එවන් උපදෙසක් නිකුත් කර නොමැති බවයි.

ආහාර වලින් හෝ ආහාර ඇසුරුම් වලින් සෘජුවම මෙම වෛරසය ආසාදනය වන බවට කිසිදු සාක්ෂියක් මේ වන විට ලැබී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා තිබේ. යම්කිසි මතුපිටක් තුළ වෛරස බැක්ටීරියා රැඳී තිබී එය ස්පර්ශ කිරීමෙන් මෙම රෝගය වැළඳෙනවා මිස බේකරි නිෂ්පාදනයන් අනුභව කිරීමෙන් මෙය ව්‍යාප්ත වේ යැයි ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යය බව ඔවුන් අනාවරණය කරගෙන තිබේ.

එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය බේකරි නිෂ්පාදන පිළිබඳව හෝ ජනතාව එම ආහාර අනුභව කිරීම පිළිබඳව හෝ කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව ඉහත තොරතුරු අනුව පැහැදිළි වේ.
(රිෂ්මි ඉෂාරා)

 

6,233 views

2 Comments

  1. නාමල් නාමල් April 1, 2020

    වැරදි මත පළ කරන කාලකන්නින්ට දඬුවම් දෙන්නෙ නැද්ද.

  2. gamage gamage April 1, 2020

    gedarata genawata pasu thatiyaka thaba rathkara aharayata ganna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk