Press "Enter" to skip to content

කොරෝනා පතුරුවන්න වෙරදරන මුස්ලිම් කෑම වීඩියෝවේ ඇත්ත

කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට ගත හැකි පියවර පිළිබඳව නිතරම ජනතාව දැනුවත් කිරීමට සියලු රටවල් පියවර ගෙන තිබේ. පුද්ගලයන් අතර සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතු බවත් නිතර අත් සේදීම සිදු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙයි. මෙවන් අවස්ථාවක මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකු මෙම නව කොරෝනා වෛරසය ආසාදනය කිරීමට අනුබල දෙන බව පැවසෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම මුස්ලිම්වරුන් පිරිස මුස්ලිම් පල්ලියක් තුළ සැඟවී සිටිමින් ආහාර ගන්නා භාජන වලට ලවන යොදන බව මෙන්ම ඔවුන් භාජන සහ හැඳි ලෙවකන වීඩියෝවක් ලෙස සංසරණය වන බවත් පෙනේ. ඔවුන් මෙසේ භාජන ලෙවකමින් ක්‍රියාකරන්නේ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීමේ අදහසින් බවට බොහෝ දෙනා මත පල කර තිබුණි.

නමුත් මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙය 2020 නව කොරෝනා වෛරසය ව්‍යාප්ත කරවීමේ අරමුණින් සිදු කළ වීඩියෝවක් නොවන බවයි. 2018 වර්ෂයේ ගෝස්තු මස තුන්වන දින පළවූ වාර්තාවක සඳහන්ව තිබුණේ මෙම වීඩියෝ පටය බෝරා ප්‍රජාවේ පුද්ගලයන් එක්රැස් කිරීමක් නිරූපණය කරන්නක් බවයි.

බෝරා සමාජයේ සම්ප්‍රදායක් නිරූපණය කිරීමේ අදහසකින් ඔවුන් මේ ප්‍රචාරය කර තිබේ. ආහාර කිසිවක් නාස්ති නොවන ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ සම්ප්‍රදායිකි. එසේම එය ඔවුන්ගේ පැරණි සිරිතක් වන අතර මේ සඳහා ඔවුන් ධාන්‍ය කමිටුද පිහිටුවා තිබේ. මෙම වීඩියෝවේ සිටින්නේද ආහාර ගැනීමෙන් පසු එම භාජන පිරිසිදු කරන එවැනි කමිටුවකි. එබැවින් මෙම වීඩියෝව කොරෝනා වෛරස ව්‍යාප්තිය පැතිරවීම සඳහා සිදුකරන ලද්දක් නොවන බව පැහැදිලිය. ඔවුන් මෙසේ සිදු කරන්නේ තම සම්ප්‍රදායට අනුව නාස්තිය අවම කර ගැනීමේ අදහසකින් බව පැහැදිලිය. එබැවින් කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග මෙම වීඩියෝ පටය සම්බන්ධ කරමින් ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව සොයාගෙන තිබේ.
(රිෂ්මි ඉෂාරා)

12,000 views

3 Comments

  1. Simon Simon April 2, 2020

    mun wage jara jathiyak!!!

  2. somapaala somapaala April 2, 2020

    try to find another fault of muslims soon

  3. fazu fazu April 5, 2020

    hamawelawema muslim eunta waradi kiyana eunta honda wade

Leave a Reply to somapaala Cancel reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk