Press "Enter" to skip to content

මුස්ලිම් විරෝධය තමාට හැරවූවාට බිමල් පොලිසි යයි

කොරෝනා වෛරස ආසාදිතවී මියයන මුස්ලිම් අයගේ අවසන් කටයුතු භූමිදානය කිරීම හෝ ආදාහනය කිරීම සම්බන්ධ ගැටලුව මුල් කරගෙන මුස්ලිම් නායකයින් සිදු කළ ප්‍රකාශයන් නිසා පසුගිය දිනවල ජාතිවාදය හා කෝපවූ අදහස් සමාජ මාධ්‍ය තුළ ගලා ආවේය. මෙම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක මුස්ලිම් නායකයින්ට පක්ෂපාතී ප්‍රකාශයක් කරන ලදැයි දක්වා සමාජ මාධ්‍ය තුළ සටහනක් හුවමාරුවූ අතර එය හෙළාදකිමින් පෝස්ටු නිර්මාණය විය.
බිමල් රත්නායක පවසන්නේ මෙවැනි පුකාශයක් ගැන තමන් නොදන්නා බවත් කිසියම් කණ්ඩායමක් තමන්ගේ නම අවමානයට ලක්කිරීමට හිතාමතා තමන් කළ ප්‍රකාශයක් නිර්මාණය කර එයට පහරදීමට සලස්වා ඇති බවයි.
“ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව මුස්ලිම් ජාතිකයකු කොරෝනා රෝගයෙන් මිය ගිය විට ඔහුව අඩි 6ත් 10ත් වළක දමා භූමිදානය කළ හැකිය. එනමුත් අවුරුදු හැත්තෑ දෙකක් රට පාලනය කළ ජාතිවාදී නායකයින් නිරෝධායන පනත මගින් මෙම ආගමික අවශ්‍යතාවයන් හකුලා ඇත. සහරාන් ඇතුළු ත්‍රස්තවාදී නායකයන් භූමිදානය කළ රටක භුමිදානය නොවී ආදාහනය වීමට තරම් මුස්ලිම් ජාතිකයින් කළ වැරැද්ද කුමක්ද?”ලෙස බිමල්ගේ නොවන ව්‍යාජ ප්‍රකාශය ඔහුගේ එකක් ලෙස නිර්මාණය කර තිබූ අතර එයට පහරදෙමින් සටහන් තැබූ අය “ජෙප්පෝ සිදුකරන තුච්ඡ බලු දේශපාලනය” ආදී ලෙස හෙළා දැක තිබුණි.
පසුගියදා ‌දෙරණ රූපවාහිනියේ පැවැති වාදපිටිය වැඩසටහන අතරමැදදී වැරදීමකින් විකාශය ‌කොටසක නිවේදක චතුර අල්විස් කතා කළ අංගයක්ද දැන් සමාජ මාධ්‍ය තුළ පැතිර තිබෙන අතර බිමල් රත්නායක ගේ ‌මේ නිවේදනය උපුටා දක්වමින් කතා කරනු දැකගත හැකි විය.
තමන් පිළිබද අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල කිසියම් පිරිසක් විසින් පළ කරනු ලැබ ඇති බවත්, එමෙන්ම තමන්ට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් පවා ලැබුණු බවත්, ‌මේ පිළිබදව වහාම පරීක්ෂණයක් සිදු කරන ‌ලෙසත් දැනුම් ‌දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුව ‌වෙත ලිපියක් ද යොමු කර ඇත.

8,627 views

3 Comments

  1. Gayan Gayan April 3, 2020

    This lie must be punished. But everyone knows the radical JVP gang hates Sinhalese and Buddhists.

  2. Kolla Kolla April 5, 2020

    Only government against lie will get punishment.

  3. හෙලන් හෙලන් April 5, 2020

    මොනවා කීවත් බිමල් සහෝදරයා ඔයාලගේ අදහස් සහ දේශපාලනය මේ රටේ ජනතාව බලු බෙටි ගානට දාලා තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk