කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ප්‍රතිකාර ලබන බවට අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු එම අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (2) පවසා තිබුණි.
මේ හේතුවෙන් එම රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව කියමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිදු කොරෝනා ආසාදිත රෝගියකු ප්‍රතිකාර නොගන්නා බවද ඔහු සහතික කර ඇත.
මේ ගැන ක්ලියර් නිවුස් අප කළ සොයා බැලීමේදී පෙනී ගියේ රෝගීන් 29 දෙනෙක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවට මහරාජා මාධ්‍ය ජාලයේ නිවුස් ෆර්ස්ට් වෙබ් අඩවිය 31 වනදා පළ කළ පුවත වැරදියට තේරුම් ගැනීමෙන් මෙම පුවත පැතිරී ඇති බවයි.
‘කොරෝනා බවට සැක සහිත ළමුන් 29 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ – සෞඛ්‍ය අමාත්‍යාංශය’ යන ශීර්ෂය යටතේ 31 Mar, 2020 දින 1:29 pm වේලාව දක්වමින් එය පළවූ අතර ‘කොරෝනා බවට සැක සහිත ළමුන් 29 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.’ යනුවෙන් එහි විස්තරයේ දැක්වුණි.
මෙම පුවතට පදනම් වන්නට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය දිනපතා නිකුත් කරන කොවිඩ් ආසාධිතයින්ට අදාළ විස්තර සහිත වාර්තාවේ ඊට පෙර (30) දින වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන කොරෝනා සැක කටයුතු රෝගීන් ලෙස දක්වා තිබුණ වගුවයි. එහි සෑම රෝහලකම සිටින අධීක්ෂණ රෝගීන් සංඛ්‍යාව දැක්වූ නමුත් ඒ අය කොරෝනා රෝගීන් ලෙස එහි නම් කරන්නේ නැත.
ඒ අනුව රිජ්වේ ආර්යා රෝහලේ සිටි රෝගීන් 29 ගණන වෙනම මතුකර දැක්වීම වැදගත්කමක් නැති පුවතකි.
මෙම වගුවේ සියලුම රෝහල් ගැන විස්තර තිබෙද්දී රිජ්වේ ආර්යා රෝහල පිළිබඳ පමණක් ශීර්ෂය යොදා ඇති නිසා පටලැවිල්ල මතුව ඇති බව පෙනෙන්නට තිබේ.
3,668 views
is this the work of Sajith's friend Kili Maharaja of Maharaja company who owns News First?
There's no set of guidelines which has to be followed by all media.