Press "Enter" to skip to content

වසංගතය නිසා කෑම හිඟවී ජර්මානුවන් පොරකෑ හැටි ගැන පරණ වීඩියෝව අලුත් කළ හැටි

කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීම ජර්මනියටප්‍රබල ගැටළුවක් වී ඇති අවස්ථාවක එරට සිය දහසක් පමණ ජනතාව එක්තරා වෙළඳසැලක් ඉදිරිපිට රැස්වී සිටින අයුරුත් සලාක තොග ගබඩා කර ගැනීමේ අරමුණින් මෙසේ ඒකරාශී වී ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණි. දේශසීමා මෙන්ම රටේ අනිකුත් නීතිරීති මෙසේ තද කර ඇත්තේ මෙම වසංගතය ව්‍යාප්ත කිරීම අවම කිරීමට වුවත් මේ වීඩියෝ පටයෙන් ප්‍රදර්ශනය වන්නේ ජර්මානු වැසියන් ඉතා කලබලයෙන් නීති වලට පිටුපාමින් හැසිරෙන බවයි. මොවුන් තුළ ආසාදිත පුද්ගලයන් සිටිය හැකි ද යනුවෙන් ඇතැම් ශීර්ෂපාට පළ කරමින් මෙම පුවත බොහෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

මෙම වීඩියෝව තත්පර 15ක් පමණ වන අතර මිනිසුන් එකිනෙකා හැපෙමින් සලාක සැපයුම් ලබා ගන්නා ආකාරය මෙහි දිස් වේ. නමුත් මෙය පවතිනා කොවිඩ් 19 වෛරසයට කිසිදු සම්බන්ධතාවයක් නොදක්වන වීඩියෝවක් බව මේ වන විට සොයාගෙන තිබේ.

මේ 2011 ජනවාරි මස 31 වන දින පළ කරන ලද වීඩියෝවක් බවත් එහි මුල් වීඩියෝව කිසිසේත් නව කොරෝනා වෛරසය ට සම්බන්ධ නැති බවත් මේ වන විට අනාවරණය කරගෙන තිබේ. එබැවින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත වන මෙම වීඩියෝව අවුරුදු නවයක් පමණ පරණ බවට කරුණු හෙළිව තිබේ. මේ අයුරින් අසත්‍ය ප්‍රචාර පළ කරමින් ජනතාව නොමග යවමින් තම සමාජ මාධ්‍ය ජාලා ගිණුම් අනිසි ලෙස භාවිතකිරීම අනුවණ ක්‍රියාවක් බව සියලු දෙනා තේරුම් ගැනීම වැදගත් වේ.
(රිෂ්මි ඉෂාරා)


5,380 views

2 Comments

  1. Laksiri Tissera Laksiri Tissera April 2, 2020

    this video posted on 2011

  2. Dias Dias April 2, 2020

    Sonderverkauf කියන්නේ නත්තල් කලින් වගේ තියෙන සේල් වලට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk