කොවිඩ් දහ නමය ලෝක වසංගතය හේතුවෙන් තම පවුලේ සියලු දෙනා මිය යාමෙන් පසු ඉතාලි පිරිමි ළමයෙකු සියදිවි නසා ගත් බවට පුවතක් සමාජ මාධ්‍ය තුළ පළව තිබේ. ගොඩනැගිල්ලක් ඉහළ සිට සියදිවි නසා ගැනීමේ අරමුණින් පහළට පැනීමට බලා සිටින පුද්ගලයකුගේ ඡායාරූපයක් පළ කරමින් මෙම පුවත වාර්තා වී තිබුණි.
නමුත් මේ පිළිබඳව සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙය ඉතාලි ජාතික පිරිමි ළමයෙකු සම්බන්ධයෙන් පළ වූ පුවතක් නොවන බවයි. නමුත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතේ සඳහන් වන්නේ මෙසේ ගොඩනැගිල්ලෙන් පැනීමට කටයුතු කරන්නේ ඉතාලි ජාතික පිරිමි ළමයකු බවයි. නමුත් මෙය ස්පාඤ්ඤයේ පැරණි සිදුවීමකට අදාල ඡායාරූපයක් බව සොයාගෙන තිබේ. එබැවින් මෙම ඡායාරූපයේ සිටින්නේ පිරිමි පුද්ගලයකු නොව කාන්තාවක් බව ද ඇය ස්පාඤ්ඤයේ වැසියෙක් බවද මේ වනවිට සොයාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඡායාරූප දෙකක් සමාජ මාධ්‍ය තුළ පළවී තිබුණි. එහි පළමුවන ඡායාරූපයේ ගොඩනැගිල්ල ඉහළ සිටගෙන සිටින පුද්ගලයකු ගේ ඡායාරූපයක් ද ඔහු වහලෙට ඇදවැටෙන අයුරු දෙවන ඡායාරූපයෙන් පළ වී තිබුණි. තවදුරටත් කරුණු සොයා බැලීමේදී ස්පාඤ්ඤ කාන්තාවක් මෙසේ හෝටල් මධ්‍යස්ථානයක සිට පැන තිබෙන බව අනාවරණය විය. 2019 දෙසැම්බර් මස 24 වන දින මෙම සිදුවීම සිදු වී ඇති බැවින් එම සිදුවීමට කිසිසේත් ස්පාඤ්ඤයේ නව කොරෝනා වෛරසය සමඟ සම්බන්ධතාවක් නොපවතින බව පැහැදිලි වේ. තවදුරටත් මේ පිළිබඳව විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ ස්පාඤ්ඤයේ ප්‍රථම කොරෝනා වෛරස සිද්ධිය වාර්තා වී ඇත්තේ 2020 ජනවාරි 31 වන දින බවත් එබැවින් 2019 දෙසැම්බර් 24 වන දින සිදුවූ මෙම සිද්ධිය කිසිසේත් ස්පාඤ්ඤයේ නව කොරෝනා වෛරසය සමඟ සම්බන්ධතාවක් තිබිය නොහැකි බවත්ය.
කෙසේ නමුත් ඉතාලි ජාතික පිරිමි ළමයෙකු මෙසේ ගොඩනැගිල්ලක් ඉහළ සිට පැන ඇති බව පළ කරමින් “පවුලේ සියලු දෙනා නැතිවීම නිසා පිරිමි ලමයෙකු සියදිවි නසා ගත්තා” යනුවෙන් ශීර්ෂ පාඨයක් ද සඳහන් කරමින් මෙම පුවත ෆේස්බුක් ට්විටර් යන සමාජ මාධ්‍ය ජාලා දෙක ඔස්සේ ප්‍රබල ලෙස ව්‍යාප්ත වී තිබුණි. නමුත් සත්‍යය අනාවරණය කර ගැනීමේ දී අපට පෙනී ගියේ මෙම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වී ඇති පුවත අතිශයින්ම අසත්‍ය පුවතක් බවයි. එසේම තම පවුලේ හිතවතුන් මියගිය කම්පාවෙන් ඉතාලි වැසියෙක් මෙසේ සියදිවි හානි කර ගත් බවට කිසිදු පුවතක් මේ වන තෙක් ඉතාලි මාධ්‍ය ඔස්සේ පලවී නොමැත.
(රිෂ්මි ඉෂාරා)
Even with corona die People who no understand but has not arrival dilot Say no