Press "Enter" to skip to content

කොරෝනා 5G කිරණ හරහා පැතිරෙන නිසා එංගලන්තයේ කුළුණක් ගිනි තැබූ කතාව

ලෝකය පුරා මහත් හිසරදයක් සේ පැතිර යන කොරෝනා වෛරස් වසංගත තත්වය ලෝකයට අලුතින් එක්වූ ෆයිව් ජී 5G තාක්ෂණය නිසා වඩා ඉක්මණින් පැතිර යන බවට සමාජ මාධය තුළ තොරතුරු සංසරණය වන්නට පටන්ගෙන තිබේ. චීනයේ හා දියුණු බටහිර හා යුරෝපානු රටවල් කිහිපයක ක්‍රියාත්මක ෆයිව් ජී 5G තාක්ෂණය මෙය පැතිරීම වේගවත් කර ඇතැයි හුවා දක්වමින් කොරෝනා 5G කිරණ විහිදුවන කුළුණු හරහා පැතිරෙන බවට මෙම ආරංචිය පැතිර ඇත.
මේ නිසාම බ්‍රහස්පතින්දා රාත්‍රී කාලයේ එංගලන්තයේ බර්මින්හැම්හි ස්පාර්ක්හිල් ප්‍රදේශයේ ස්ප්‍රිං පාරේ
5G කිරණ විහිදුවන කුළුණක් මහජනතාව විසින් ගිනිතබා විනාශ කළ බවද ඒ පුවත සමග ප්‍රචාරය විය.
මෙවැනි ගින්නක් සත්‍ය ලෙසම සිදුවූ අතර ඇති වූ ගින්න නිවීමට හදිසි සේවා කැඳවනු ලැබීය. ගිනි නිවන භටයන් පැය දෙකක් තිස්සේ ගින්න මැඩපැවැත්වීමට සටන් කළ අතර පොලිසිය ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා මාර්ගය වසා දැමීය. ගින්න හටගත්තේ කුමක් දැයි තවමත් නිශ්චිතව කිව නොහැකි බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මෙම 5G කිරණ හා කොරෝනා වෛරස පැතිරීම අතර සම්බන්ධයක් නැති බව
බ්‍රිතාන්‍ය ජංගම දුරකථන ජාල දන්වා තිබෙන අතර අන්තර්ජාලය තුළ සංසරණය වන ‘පදනම් විරහිත’ කතා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
ෆේස්බුක් වෙත පළ කරන ලද කුළුණ ගිනිගෙන පුපුරා ගිය මොහොතේ වීඩියෝව මෙම අසත්‍ය පුවතට ජීවයක් ලබාදී තිබීමද බලධාරීන්ගේ අවධානයට ලක් විය.
දැනටමත් මකාදමා ඇති ෆේස්බුක් කණ්ඩායමක් මෙම අසත්‍ය පුවත පතුරා ඇති අතර එම කණ්ඩායමේ මතයවී ඇත්තේ 5G විමෝචනය කිරීම කොරෝනා වෛරසයට හේතු වන බවයි.
5G තාක්‍ෂණය මගින් මිනිස් සෞඛ්‍යයට කිසිදු තර්ජනයක් එල්ල වන බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බවට විකිරණ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් පසුගිය මාසයේ දී තහවුරු කර තිබේ.
ජනතාව නොමග යවන ආරංචි පැතිරීම හේතුවට පාඨක ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම නිසා ෆේස්බුක් කියා සිටියේ තහනම් පිටුව මකා දමන්නට කටයුතු කළ බවයි.
5G කුළුණු ගිනි තබා ඇති බව පවසන වීඩියෝ මේ පිටුවේ අසත්‍ය ආරංචිය සමග පළ කරන ලද පසු අනෙක් අයද එසේ කිරීමට පෙළඹුණි.මෙම පිටුව බ්‍රහස්පතින්දා නිර්මාණය කර සිකුරාදා උදෑසන ෆේස්බුක් විසින් එය ඉවත් කරන ලද්දක් බවද හෙළි විය.
clearnews.lk

5,120 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk