Press "Enter" to skip to content

චාල්ස්ට සුව වුනේ ආයුර්වේද ප්‍රතිකාර නිසැයි ඉන්දීය ඇමතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කෙරේ

බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු දැන් සුවය ලබා තිබෙන අතරවාරයේ ඉන්දියාවේ මධ්‍යම ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය ශ්‍රීපාද් නායික් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ කුමාරයා සුව කළේ ඉන්දීය ආයුර්වේදයේ බල මහිමයෙන් බවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ශ්‍රීපාද් නායික් එලෙස ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු, බ්‍රිතාන්‍යයට එය සැලවී ඇති අතර කුමරුගේ ප්‍රකාශකයකු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.
වේල්ස් කුමරුගේ ප්‍රකාශකයෙකු වන එලා ලින්ච් සිකුරාදා ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් ඇමතිවරයාගෙ සාවද්‍ය ප්‍රකාශය ගැන දන්වා තිබේ. “මෙම තොරතුරු වැරදිය. වේල්ස් කුමරු එක්සත් රාජධානියේ එන්එච්එස් (ජාතික සෞඛ්‍ය සේවය) හි වෛද්‍ය උපදෙස් අනුගමනය කළ අතර ඊට වැඩි දෙයක් නැත. ” එහි දන්වා ඇත.
චාල්ස් කුමරුගේ සුවය නිසා “වසර දහස් ගණනක සිට ඉන්දියානු පැරණි වෙදහෙදකම් වලංගු වුණා” යනුවෙන් බ්‍රහස්පතින්දා ගෝවාහි පැවති මාධ්‍ය හමුවකදී නායික් ප්‍රකාශ කර තිබුණි. ආයුර්වේද නිකේතනයක් පවත්වාගෙන යන වෛද්‍යවරයකුගෙන් ඇමතුමක් ලැබුණු බැවින් තමාට විශ්වාසයෙන් එසේ පැවසිය හැකි බවද නායික් පවසා තිබුණි.
“ඔහු මට පැවසුවේ ආයුර්වේදය හා හෝමියෝපති මගින් චාල්ස් කුමරුගේ රෝගය සුවවීම සාර්ථක වී ඇති බවයි. මෙය එහි විස්මය ගැන උදාහරණයක් පමණි, ”නායික් පවසා තිබේ.
නමුත් චාල්ස් කුමරුගේ ප්‍රකාශකයා මෙම අදහස සත්‍යයෙන් තොර බව දන්වා ඇත.

3,877 views

3 Comments

  1. කපිල කපිල April 4, 2020

    අයි චාල්ස්ට විතරක් දුන්නේ. ඉන්දියාවේ රෝගීන්ටත් දෙන්න පුළුවන්නේ.

  2. yoga de silva yoga de silva April 6, 2020

    SEE THE SO CALLED SLF PROCLAIMED AYR PROFESSORS MAKING UNSUBTANCIATED CLAIMS ON LOCAL TV MISGUIDING PUBLIC TOO . THEY ADVOCATING EVEN EATING BABABA PEELS ETC WITHOUT ANY PROVEN EVIDENCE . FOOLS RUSH IN WHERE ANGELS FEAR TO TREAD

  3. Saman Saman April 7, 2020

    Too many fools in India, easy to miss guide.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk