කොරෝනා වෛරස ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි.
කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර සමාජ ජාලා වෙබ් අඩවියක “මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමට අගමැතිගෙන් විශේෂ කමිටුවක්” යනුවෙන් පුවතක් පළ කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් මෙම පුවතට පදනම් වන්නට ඇත්තේ කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය 03 වනදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ලිඛිත ඉල්ලීම විය හැකිය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ දැනට පවතින නිරෝධායන පනත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මඟින් ද ආදාහනය සහ භූමදානය යන ක්‍රමවේද දෙකටම අවසර ලබාදී ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය, වෛරස් අධ්‍යන විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව, නීතිය සහ පාංශු විශ්ලේෂණය සම්බන්ධ විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත්කර ඔවුන්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙස තමන් යෝජනා කරන බව එම සංගමය සඳහන් කර තිබුණි.
සමාජ මාධ්‍ය පුවත පළ කර තිබී ඇත්තේ එවැනි කමිටුවක් දැමූ ආකාරයටය.
13,026 views
cremation make environment pollution. if 1000 of people died, what will happen? . from the world history lot of countries buried rather than cremation. Today covid-19, another time what? (super power countries bio-warfare)
covid-19s can destroyed by organic solvents such as ether and chloroform.
මේ ප්‍රේමනාත් සී දොලවත්ත කියන එකාගෙ රස්සාව තමයි රාජපක්ෂල වෙනුවෙන් නඩු දාන්න උසාවි යන එක. මේකා දැන් ටෙලිනාට්‍යවලත් රගපානවා. කොහොමත් රටට ආදරෙයි වගෙ රගපාන එකෙක් හින්ද මූට ඒ රස්සාව ලේසියි.
කුමන්ත්‍රණ ආණ්ඩුව වෙලාවේ කොටකලිසම ඇඳගත් නාමල් එක්ක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ගිහින් චන්ඩි පාට් දැම්මේ මෙයාත් එක්ක ගිහිල්ලානේ. අනාගත දේශපාලන වත්කම් බලාපොරොත්තුවෙන් ඉන්නේ….පව්!