මේ දිනවල ඉන්දියාව lockdown කිරීමත් සමග පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් සමඟ පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන බව දක්නට ලැබේ. කොවිඩ් 19 පිළිබඳව ආපදා කළමනාකරණ පනත යටතේ සඳහන් කරුණු කිහිපයක් ගැන මෙම පුවතේ විස්තර සඳහන්වේ. නමුත් මෙම ප්‍රචාරයන් පිළිබඳ කරුණු විමසා බැලීමේදී මෙය ව්‍යාජ පුවතක් බව අපට තහවුරු විය.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙය පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක්ද සමග පලවන බව දක්නට ලැබේ. මධ්‍යම රාත්‍රියේ සිට ආපදා කළමනාකරණ පනත රටපුරා ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව රජය දෙපාර්තමේන්තු හැරුණ විට වෙනත් කිසිදු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ගැන පුවත් සටහන් බෙදාගත නොහැකි බවත් මෙම පණිවිඩය සඳහන්ව තිබේ. කෙසේ නමුත් මෙය අසත්‍ය පුවතක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. නමුත් මෙහි වැඩිදුරටත් සදහන් කර තිබුණේ පරිපාලන අංශය මෙම නීතිය පිළිබඳව දැඩි අවධානයකින් සිටින බවයි.
කෙසේ හෝ සත්‍ය පනතට අනුව කිසිම පුද්ගලයෙකුට තොරතුරු බෙදාහදා ගැනීමට ඉඩ නොදෙන බවට තොරතුරු ඉදිරිපත් කර නොමැත. නමුත් ඉන්දියාව පුරා සංසරණය වෙන මෙම වීඩියෝ පටයේ සඳහන් වන්නේ ආපදා කළමනාකරණ පනත යටතේ කිසිදු පුද්ගලයකුට මධ්‍යම රාත්‍රියේ සිට කොරෝනා වෛරසයට අදාළ කිසිදු පුවතක් බෙදා හදා ගත නොහැකි බවයි. මෙහි සිටින පොලිස් නිලධාරියා මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන බවට තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම පුවත උත්සාහ දරා ඇති බවද පෙනේ.
මෙම වීඩියෝව 2018-6-13 දින ගනු ලැබූ වීඩියෝවක් බවට තහවුරුවී තිබේ. කෙසේ වෙතත් මෙම වීඩියෝවේ සිටින පොලිස් නිලධාරියා කොරෝනා වෛරසය ගැන හෝ ඒ සම්බන්ධව කිසිදු තොරතුරක් පිළිබඳව කතා කරන්නේ නැත. එසේම ආපදා කළමනාකරණ පනතේ 54 වගන්තියේ සඳහන් වන්නේ අසත්‍ය පුවත් යාවත්කාලීන කිරීම සාපරාධී වරදක් බවයි. එනමුත් මෙම නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ පනත යටතේ කිසිදු තොරතුරක් නිල වශයෙන් වාර්තා කර නොමැත. එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීම මෙවන් අවස්ථාවක සුදුසු නොවන බව පැහැදිලිය.
2,212 views
Be First to Comment