Press "Enter" to skip to content

කළු ජාතිකයින්ගෙන් සමාව ඉල්ලා පාප් වහන්සේ පාද සිපගත් කතාව ඇත්තද?

පාස්කු දිනය යනු කිතුනු බැතිමතුන්ට ඉතා වැදගත් දිනයකි. තව දින කීපයකින් ඒ සුවිශේෂී දිනය එළඹුණත් නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ලොව පුරා කිතුනු බැතිමතුන්ට රිසිසේ පූජා පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මේ අවස්ථාවේ එකට ඒකරාශී වීම වැළැක්විය යුතු බැවින් මේ පාස්කු පූජාවන් සදහාද බැතිමතුන්ට තම දායකත්වය ලබා දීමට සිදුව ඇත්තේ තම නිවෙස්වල සිටයි. මේ සමග සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පළවෙන පුවතක් සම්බන්ධයෙන් අපේ අවධානය යොමු විය. එනම් පාප්තුමා මිනිස්සුන්ගේ පාද සිප ගන්නා ආකාරය යනුවෙන් සදහන් කරමින් කොරෝනා වෛරසය සමග සම්බන්ධ කරමින් ප්‍රචාරය වන පුවත් පිළිබඳවයි. කරුණු සොයා බැලීමේදී මෙම පුවත් අසත්‍ය පුවත් බවට කරුණු අනාවරණය විය.

මේ අවස්ථාව වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මෙම වෛරසය ආසාදනය වී තිබේ. මේ අතර ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කළු ජාතිකයන්ගේ පාද සිප ගන්නා වීඩියෝවක් බොහෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. කළු ජාතිකයන්ට කරනු ලැබූ සියලු දුෂ්ටකම් වලට සමාව ඉල්ලමින් පාප් වහන්සේ මෙසේ පාද සිප ගන්නා බව මෙහි ශීර්ෂපාඨය සඳහන් කොට තිබේ. ශීර්ෂ පාඨයෙහි එසේ පළ වුවත් අද බොහෝ දෙනෙක් මෙය නව කොරෝනා වෛරසයට ද සම්බන්ධ කරමින් විවිධ අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් සිටී.

නමුත් සත්‍යය අනාවරණය කිරීමේදී අපට හෙළි වූයේ මෙය 2019 අප්‍රේල් මාසයේදී ගනුලැබූ වීඩියෝවක් බවයි. එමෙන්ම දකුණු සුඩානයේ නායකයාගෙන් සාමයෙන් සිටින ලෙස ඉල්ලා සිදු කළ ඉල්ලීමක් මෙසේ ප්‍රචාරය වී ඇති බවට කරුණු හෙළි විය. සී එන් එන් වාර්තා වලට අනුවද ප්‍රැන්සිස් පාප් තුමා සමග මේ වීඩියෝවේ සිටින්නේ සුඩානයේ නායකයන් කිහිප දෙනෙකි. කෙසේ නමුත් පාප් වහන්සේ මෙය සමස්ත ලෝකයේම යහපත වෙනුවෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා සිදුකරන ලද්දක් බවත් මේ සිදුවීම වසරක් පැරණි බැවින් එයට නව කොරෝනා වෛරසය සමඟ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවත් පැහැදිලිය.
(රිෂ්මි ඉෂාරා)

3,474 views

One Comment

  1. waz waz April 5, 2020

    Utter disgarace.

Leave a Reply to waz Cancel reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk