Press "Enter" to skip to content

කොරෝනා නිසා මියගිය 4 වැනියා රෝගය වසන් කළ බවට ITN කළ වැරැද්ද

කොරෝනා වෛරස් රෝගය නිසා පසුගිය අප්‍රේල් 3 වනදා මියගිය ශ්‍රී ලංකාවේ 4 වැනියා වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයා රෝගය වසන් කිරීම නිසා අන් අයගේ ජීවිත අනතුරේ හෙළූ බවට ස්වාධීන රූපවාහිනී නාලිකාව ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් කණස්සල්ලට පත්ව පැමිණිල්ලක් සිදු කර තිබේ.
මියගිය 58 හැවිරිදි මාරියෝ හේමාල් සිල්වා සිය බිරිය සමග ඉන්දියාවේ වෙලන්කන්නි කතෝලික පල්ලියේ සංචාරය කිරීමෙන් පසු ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේ ඉතාලියෙන් පැමිණ කලහ කරමින් සිටි පිරිසකට මැදිවීම නිසා ඔහුට හා බිරියට කොරෝනා වැළඳෙන්නට ඇතැයි ආරංචිවූ අතර ඔහු අනතුරුව රෝහල්ගතවී ඊට ඉක්මණීන් ප්‍රතිකාර සඳහා යොමු විය. බිරියට සුවවුවත් ඔහුගේ තත්වය උත්සන්නවී 03 වනදා ඔහු මියගියේය.

රෝග ලක්ෂණ පහළවූ අවස්ථාවේ ඔහුම වාහනය පදවාගෙන බිරිය සමග ගොස් අයිඩීඑච් රෝහලට ඇතුළත්වූ බවත් රෝගය දැනගත් වේලාවේ සිට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුවූවා මිස එය සගවන්නට හෝ සමාජයට නිරාවරණය වන්නට නොගිය බව මියගිය හේමාල් මහතාගේ ඥාති සොයුරියක ෆේස් බුක් සටහනක් තබමින් වැඩිදුර දන්වා තිබේ.
ස්වාධීන රූපවාහිනියේ නිමේෂ සිල්වා නමැති නිවේදක මහතා අප්‍රේල් 3 වනදා එම නාලිකාවේ 6.30 ප්‍රවෘත්ති ප්‍රකාශයේදී
‘සෞඛ්‍ය අංශ පැහැදිලිවම ප්‍රකාශ කරනවා අපේ රටේ සිදුවූ තුන්වන සහ හතරවන මරණ වලට පැහැදිලිවම හේතුව බවට පත්ව තිබෙන්නේ මේ රෝග ලක්ෂණ වසන් කිරීම බව’ යනුවෙන් අවධාරණය කරන්නේය.
ස්වාධීන රූපවාහිනීයේ දහවල් 12 ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුබිම් කථනයක් ලෙසින්ද මෙම අදහස මතු කර ඇත. 6.30 ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිවේදකයාගේ සෘජු පැහැදිලි කිරීමක් ලෙසින් මෙම අදහස පළවූ පසුව මියගිය 58 හැවිරිදි මාරියෝ හේමාල් සිල්වා මහතාගේ ඥාතීන් එම වැරදි ප්‍රකාශය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටි බවත් ඉන්පසු ස්වාධීන රූපවාහිනියේ 9.30 රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේදී එය නිවැරදි කර තිබෙන්නේ කලින් කළ වැරැද්ද ගැන සඳහනක් නොකරමින් බවත් මියගිය අය වෙනුවෙන් සටහන තබා ඇති මියගිය අයගේ සහෝදරයාගේ බිරිය දන්වා ඇත.

8,110 views

7 Comments

  1. desi archchi desi archchi April 6, 2020

    YAKO KOHEWATH YANNA EPA – EMBULANCE EKA EWANAWANE

  2. bandeer bandeer April 6, 2020

    වරදක් සිදුවීම වියහැකියි , නමුත් නිවරදිකිරීම උතුම් ගුණාංගයක්

  3. cboy cboy April 6, 2020

    Government media were the only news outlets which at least for a certain extent followed ethics.. Now they are also behaving like this. Sri Lanka's media has gone to the dogs.

  4. ruwan ruwan April 6, 2020

    SAD ………….VERY SAD………………AFTER ALL THE DAMAGE IS NOW DONE,,,,,,,,,,,,,,,,,,,,,,,TRULY SPEAKING ITS NOT A MATTER TO BE SIMPLY OFFER AN APOLOGY……………..COMPENSATING THE AFFECTED IS THE ANSWER…………….BUT NOW WHAT FOR,??????????????????????????
    ALL VIEWERS SHOULD REALIZE THAT THE NEWS READERS ARE SIMPLY PUPPETS ON SOMEONE ELSE S STRING,,,,,,,,,,,,,,,,,THEY ARE PARROTS RESTING ON THE SHEET OF THE PRODUCER……………ON THE OTHER HAND THEY ARE HELPLESS TOO……….THEIR JOB IS ONLY TO READ SOMEBODY S STORY////////////////LETS FORGET AND FORGIVE……………….
    MAY YOUR BROTHER IN LAW REST IN PEACE………………………………………………..

  5. Dilu Dilu April 10, 2020

    Apitath una ohoma akak.korona seka aya nirodayanaya nowi seri saraddi api phita kiuwa.news akata kiuwe api rajakariyata badha kara kiyala.

  6. Dilshaan Dilshaan April 11, 2020

    ජඩ මාධ්‍ය සහ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි කල වැරැද්ද පිලි ගන්නේ නෑ.

  7. Jayathilaka Hitabe Jayathilaka Hitabe April 14, 2020

    If ITN made the mistake it is their responsibility to compensate without hesitation. Running away ignoring of responsible showing their unaccountable behavior is an untrustworthy passion they display. ITN fans will think twice?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk