නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ඉන්දියාව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ. ආසියාවේ විශාලතම පැල්පත් නිවාස සංකීර්ණය තුලටද covid 19 ව්‍යාප්ත වීමත් සමඟ මේ පිළිබඳව කතාකරන ප්‍රමාණය දෙගුණ තෙගුණ වී තිබේ. මේ අවස්ථාව වනවිට COVID 19 පැතිරීම ඉන්දියාවේ 3 වන අදියර කරා ළඟා වී තිබේද යන්න පිළිබඳව එරට ජනතාවට මෙන්ම ලෝකයේ ජනතාවටද ප්‍රබල ගැටලුවක් මතුව තිබේ. ඒ ඉන්දියාව නව කොරෝනා වෛරසයේ තුන්වන අදියර වෙත ළඟා වී ඇතැයි පවසමින් සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත වන පුවතක් සමඟිනි.
නමුත් COVID 19 පැතිරීම ඉන්දියාවේ 3 වන අදියර කරා ළඟා වී ඇති බවට ප්‍රචාරය වන පුවත අසත්‍ය බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ. මාර්තු 26 වන දින ක්වින්ට් ප්රවෘත්ති වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ඉන්දියාව දැන් COVID-19 සම්ප්‍රේෂණයේ 3 වන අදියර කරා ළඟා වී ඇති බවයි. එසේම ඉන්දියාවේ මේ වනවිටත් නව කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙන බවත් රජය විසින් එය සඟවන බවත් මෙම වාර්තාවේ තවදුරටත් සඳහන් වී තිබිණි.
සංචාරක සම්බන්ධයක් නොමැති පුද්ගලයෙකුට දේශීය ප්‍රභවයන් හරහා ආසාදනය ඇති වූ විට එය 3න් වන අදියර හෙවත් ප්‍රජා සම්ප්‍රේෂණය ලෙස හැඳින්වේ.
කෙසේ වෙතත් මෙම ඉන්දියාව සම්බන්ධයෙන් ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව තහවුරු වී තිබේ.
එසේම ඉන්දීය වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ද මෙම පුවත අසත්‍ය බවයි. ඒ එච් පී අයි විසින් මෙම වාර්තාව නොමඟ යවන සුළු පුවතක් ලෙස නම් කර ඇති අතර, 2020 මාර්තු 27 දිනැති සම්මුඛ සාකච්ඡාවකදී ආචාර්ය ගයානි විසින් වෙබ් අඩවියකට පවසා ඇත්තේ ඉන්දියාව දැනට අදියර 3 සම්ප්‍රේෂණයෙහි නොමැති බවයි. නමුත් ඒ සඳහා සූදානම් වීම වඩාත් වැදගත් බව ඇය අනාවරණය කර තිබිණි.
අවසාන වශයෙන්, COVID 19 පැතිරීම ඉන්දියාවේ 3 වන අදියර කරා ළඟා වී ඇති බවට ක්වින්ට් වාර්තාවේ දක්වා ඇති ප්‍රකාශය නොමඟ යවන සුළු බව මේ වනවිට අනාවරණය වී තිබේ. එබැවින් මෙවැනි නොමඟ යවන සුළු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.
(රිෂ්මි ඉෂාරා)
Be First to Comment