කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දියාවට අගුළු දමා තිබීම නිසා මිනිස් ක්‍රියාකාරකම් අවමවීමෙන් එරට වායු දූෂණය විශාල ලෙස පහත ගොස් තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දිගු කාලයක් තිස්සේ දූලි අංශ වලින් වැසී තිබුණ හිමාලයා කඳු පන්තිය ඉන්දියාවේ බොහෝ පෙදෙස් වලට දර්ශනය වන්නට පටන්ගෙන ඇති බවට වාර්තා පළ විය.
මෙම පුවත ලංකාවට ඈඳා ගනිමින් ලකාවේ ෆේස්බුක් පිටු කිහිපයක “වායු දූෂණය නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසු පුත්තලමට දිස් වූ හිමාල කඳු වැටිය” යනුවෙන් ඡායාරූප සහිත විස්තරයක් පළවී තිබේ.
තවත් තැනක “අවුුරුදු 30කට පමණ පසු ප්‍රථම වතාවට හිමාල කඳු වැටිය කිමි 200කට වඩා දුරකට දර්ශනය වේ. Lockdown නිසා වායු දුෂණය අඩු වීම මෙයට හේතුවයි” යන අදහසද පළව තිබුණි.
සත්‍ය ලෙසම ලංකාවට හිමාල කඳුවැටිය පෙනෙන්නේ නැත. මෙම සටහන් හිමාල කඳු වැටියට අයත් Dhauladar කඳුවැටිය පංජාබයේ පිහිටි ජලන්දාර් නගරයට දර්ශනය වන ඡායාරූපයක් ඇසුරින් නිර්මාණය කර තිබු බව හඳුනාගන්නට ලැබෙන අතර ෆෙස් බුක් ලයික් ගැනීමේ උවමනාව නිසාදෝ නරඹන අයට ලංකාවේ දර්ශනයක් ලෙස ඇගවෙන ආකාරයට බොරුවක් ගොතා මෙම පෝස්ටු නිර්මාණය කර තිබෙනු හඳුනාගන්නට ලැබේ.
clearnews.lk

පුත්තලමට හිමාලය කඳු වැටිය දැන් පෙනෙන කතාව ඇත්තද?
More from FactCheckMore posts in FactCheck »
Apey arakku theberum davasakatavath ariyanam Himalayata eha evath penei.
Puttalamata himalaya newei peneyi elowa pol
puttalam Booruwone.
Puththalanata Alps penne natda?? GON jokes of ideots…