කොරෝනා වෛරසය හමුවේ ඉන්දියාව අගුළු දැමීමත් සමග තිරුමාලා තිරුපති කෝවිල මාර්තු 19 වන දින එහි වන්දනාකරුවන් සඳහා දොරවල් වසා දමා තිබුනි. තබ්ලිගී ජමාත් නමැති ඉස්ලාම් සමූහ රැස්වීමක් නිසා කොරෝනා වෛරසය පැතිරීම වේගවත්වූ ඉන්දියාවේ මේ වනවිට එම පිරිස් සොයමින් පොලිසිය වෙහෙසෙන අවස්ථාවකි.
තබ්ලිගී ජමාත්ට එරෙහිව පොලිස් මර්දනයක් මීට ආසන්න දිනකදී සිදු වූ බැවින් එම සිදුවීමෙන් පසු තිරුමාලා තිරුපති කෝවිලේ දොරවල් වසා දමා ඇති බවටද විවිධ පුවත් පළ විය.
COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා රටපුරා අගුලු දැමීම සැලකිල්ලට ගනිමින්, තිරුමාලා තිරුපති දේවස්ථානය 2020 අප්‍රේල් 14 වන දින දක්වා අගුලු දමා ඇති බවට විවිධ තොරතුරු ව්‍යාප්ත වී තිබේ. නමුත් මාර්තු 31 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම වාර්තාවන්හි මේ තීරණය ගත් දිනය හා තබ්ලිහි ජමාත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් පලකොට නොමැත.
එසේම තවත් ඉන්දියානු වාර්තාවක පලවී තිබුනේ තිරුපති කෝවිල විසි වෙනිදා සිට වසා දමා ඇති බවයි. නමුත් එහි වන්දනා කටයුතු වලට අදාල චාරිත්‍රයන් දිගටම පවත්වාගෙන යන බව ඔවුන් පෙන්වා දී තිබුණි.
කෙසේ නමුත් ඉන්දියාවේ දිනෙන් දින කොවිඩ් දහ නමය රෝගීන්ගේ ව්‍යාප්තිය වර්ධනය වීමත් සමඟ මෙම තීරණය රජය විසින් ගෙන ඇති බවට සඳහන් වේ. එබැවින් මෙය අනිකුත් සිද්ධීන් සමග සම්බන්ධ කර ගැනීම අනුවණ ක්‍රියාවකි. එසේම ඉහත කරුණු තුළින් පෙන්වා දෙන ආකාරයට තබ්ලිගී ජමාත් සහ තිරුපති කෝවිල වැසීම අතර කිසිදු සබඳතාවක් නොමැති බව තහවුරු වේ.
(රිෂ්මි ඉෂාරා)
ISLAMM pilikawaki lokatama
Pilikawa islam nawai uba waga apathayan thamai
මේක බොරු ප්‍රවුර්තියක් කියලා ඉන්දියාව කියන අවස්තාවක
අපි තවමත් අදුරේ