Press "Enter" to skip to content

නිර්වින්දන රසායන සහිත මුහුණු ආවරණ ගැන සමාජ මාධ්‍යයේ පැතිරෙන කතාව

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහාමුහුණු ආවරණ පැළඳීම වඩාත් සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවසා තිබේ. මේත් සමගම ඉන්දියාවේ ඇතැම් පුද්ගලයන් ව්‍යාජ ලෙස මෙම මුහුණු ආවරණ නිර්වින්දන රසායන ද්‍රව්‍ය ඇතුලත් කරමින් විකුණන බවට විවිධ පුවත් පලවී තිබේ. ට්විටර් වට්ස්ඇප් ෆේස්බුක් ආදි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම පුවත වැඩිදුරටත් සංසරණය වී තිබුණේ ජනතාව තුළ අනවශ්‍ය බියක්ද ඇති කරවමිනි. එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අප තීරණය කළෙමු.

මෙම ක්‍රියාව මංකොල්ලකෑම් සඳහා අපරාධකරුවන් විසින් සිදු කරන බවටත්, රසායනික ද්‍රව්‍ය සහිත මුහුණු ආවරණ මිනිසුන්ට ලබා දෙන බවටත් තහවුරු වූ සාක්ෂි හෝ ප්‍රවෘත්ති වාර්තාවක් තවමත් සොයාගෙන නොමැත.

නව කොරෝනා වසංගතය හමුවේ මෙම මුහුණු ආවරණ හිඟයක් ලොව පුරා තිබෙන බව අප දන්නා කරුණකි. මේ අතරතුරදී අපරාධකරුවන් විසින් නිර්වින්දන රසායන ද්‍රව්‍ය සහිත මුහුණු ආවරණ සැක සහිත සිවිල් වැසියන්ට ලබා දෙන බවට අනතුරු අඟවමින් මෙම ව්‍යාජ පුවත් සංසරණය වී තිබේ. නමුත් මෙවැනි සිදුවීම් හෝ අපරාධ සිදුවිය හැකි අවස්ථා පිළිබඳව පොලීසිය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හෝ ඉන්දියාවේ නීතිය ක්‍රියාත්මක කරන වෙනත් අධිකාරියක් විසින් හෝ මෙතෙක් එවැනි අනතුරු ඇඟවීමක් කර නොමැත.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී මෙම වීඩියෝපට ව්‍යාජ බවට සාක්ෂි හිමිවිය. මෙසේ පළවෙන එක් වීඩියෝවක සිටින කාන්තාවක් පුද්ගලයෙකුට මෙම මුහුණු ආවරණ ලබාදෙන්නේ දිල්ලිය තුළ තිබෙන පරිසර දූෂණයෙන් ආරක්ෂාවීමේ අරමුණින් ඔවුන් එය සිදුකරන බව පවසමිනි. එසේම
පුරුෂයා වෙස්මුහුණ පැළඳීමට ආසන්නව සිටින විට තවත් පුද්ගලයෙක් පෙනී සිටිමින් ඔහුට අනතුරු අඟවන්නේ මෙම වෙස් මුහුණේ රසායනික ද්‍රව්‍ය අඩංගු කර තිබෙන බව පවසමිනි.

කෙසේ නමුත් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ රසායනික ලේස් සහිත මුහුණු ආවරණ භාවිතා කරමින් කොල්ලකරුවන් මිනිසුන් ඉලක්ක කරන බවට අනතුරු අඟවන මෙම වීඩියෝව පදනම් විරහිත එකක් බවයි. එබැවින් මෙවන් අවස්ථාවක මෙවැනි වීඩියෝ ප්‍රචාරය කරමින් ජනතාව බියවැද්දීම කිසිසේත් අනුමත කළ නොහැක. එමෙන්ම මෙම කොවිඩ් 19 වසංගතය තුරන් කිරීමට සියලු දෙනාගේ සහයෝගය දැක්විය යුතු මෙවන් අවස්ථාවක සිහිබුද්ධියෙන් කටයුතු කිරීම අප සියලු දෙනාගේම වගකීමකි.

(රිෂ්මි ඉෂාරා)

5,883 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mission News Theme by Compete Themes.
©️clearnews.lk