ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. මෙයත් සමගම ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ වෙබ් අඩවියේ සඳහන් කර තිබුණු පුවතක් සම්බන්ධයෙන් විවිධ අමුතු පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ඔවුන් නව මුහුණු ආවරණයක් සොයාගෙන ඇති බව එම පුවත්වල සඳහන් ව තිබිණි. එසේම ඇමරිකාව තැබූ නව පියවරක් ලෙස ඔවුන් මෙය හඳුන්වා දී තිබෙන බවත් අනෙකුත් සාමාන්‍ය මුහුණු ආවරණ වලට වඩා මෙම මුහුණු ආවරණය තුළ විශේෂත්වයක් තිබෙන බවට කරුණු හෙළි වී ඇති බවත් මෙම මුහුණු ආවරණ breathing mask ලෙස ඔවුන් හඳුන්වා දී තිබෙන බවත් එම පුවත් හි සඳහන් වී තිබුණි. මෙවැනි බොහෝමයක් විස්තර පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත පුළුල් ලෙස ප්‍රචාරය වී තිබෙනු අපට දක්නට ලැබුණි.
කරුණු සොයා බැලීමේදී මෙම මුහුණු ආවරණ එම වෙබ් අඩවියේ කොතැනකවත් නොපෙන්වන බව අපට පැහැදිලි විය. නමුත් නව කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා සිල්ලර වෙළඳසැල් වැනි සමාජ අවකාශයන්හි මුහුණු ආවරණ පැළඳීමට මෙන්ම සමාජ දුරස්ථභාවය පුහුණු කිරීමට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මහජනතාවගෙන් ඉල්ලා සිටින පුවත් එහි සඳහන්ව තිබිණි. එසේම මුහුණු ආවරණ නොපළඳින ජනතාවට යම්කිසි දඩමුදලක් ගෙවීමටත් දඬුවම් ලැබීමටත් සිදුවන බව ඔවුන් පෙන්වා දී තිබුණි. කෙසේ වුවත් ඇතැම් ජනතාව මේ සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයකට පත් වී තිබෙන බව පෙනෙන්නට තිබේ.
නමුත් මෙම නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට නම් මුහුණු ආවරණ පැළදීම අතිශයින් වැදගත් බව අප දන්නා කරුණකි. ඒ කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් මෙම නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමට
නව මුහුණු ආවරණයක් නිෂ්පාදනය කර ඇති බවට පළවෙන පුවත පිළිබඳව වගකිවයුතු සාක්ෂි සහිත තොරතුරක් තවමත් ලැබී නොමැත.
(රිෂ්මි ඉෂාරා)
බලවතුන් පිස්සු කෙළින හැටි,,මර බිය යනු, මෙය නොවේද??