ලොව පුරා කොරෝනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබේ. මේත් සමගම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. එමෙන්ම ඔහු විසින් වෛද්‍ය අංශයට අදාල ඖෂධ අපනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශන කිහිපයක් මේ වන විට සිදුකර තිබේ. මෙවැනි ප්‍රකාශක් පිළිබඳව සංසරණය වන එක පුවතක් පිළිබඳව අප මෙසේ අවධානය යොමු කරන්නෙමු.
මැලේරියා විරෝධී ඖෂධයක් වන hydroxychloroquine ඖෂධය මෙම නව කොරෝනා වෛරසයට එරෙහිව යම් තාක් දුරට ප්‍රතික්‍රියා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කර තිබේ. එසේම මේ වන විට මෙම ඖෂධය මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරන්නේ ලොව ප්‍රබල රටක් වන ඉන්දියාවයි. නමුත් ඉන්දියාව මේ වන විට තමන්ගේ එම ඖෂධය අපනයනය කිරීම නවතා තිබේ. මේ වන විටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගත් තීරණයක් අනුව මෙම ඖෂධය රටින් පිටතට අපනයනය කිරීම තහනම් කර ඇති බවට කරුණු හෙළි වී තිබේ. එය සමස්ත ඉන්දියාවේ රෝගීන් ගැන සිතා ගත් තීරණයක් බවත් ඔහු පෙන්වා දී තිබුණි.
ලොව සුපිරි බලවතා ලෙස මේ වන විට සියලු දෙනා පිළිගනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. පසුගිය අප්‍රේල් 7 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් කරන ලද ප්‍රකාශයක් වැරදි ලෙස උද්දීපනය කරමින් මාධ්‍ය කීපයකම දක්වා තිබෙන්නේ තමන්ගේ රටට මෙම hydroxychloroquine ඖෂධය තහනම් කලහොත් ඉන්දියාවට පසුතැවීමට සිදුවනු ඇතැයි ඔහු විසින් ප්‍රකාශ කළ බවයි. එය පළිගැනීමක් ලෙස ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් මාධ්‍ය විසින් පෙන්වා දී තිබුණි. එසේම ඉන්දියාව විසින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් ඉදිරියේදී ඇමරිකාවේ සහය කිසිසේත් ඉන්දියාවට නොලැබෙන බව බොහෝ මාධ්‍ය වලින් පළකර තිබුණි. මෙසේ පළ වන පුවත් සමග මෙහි සත්‍ය පිළිබඳව සොයා බැලීමට අප විසින් විමර්ශනයක් සිදුකිරීමට තීරණය කළෙමු.
නමුත් අප්‍රේල් හත්වන දින ධවල මන්දිරයේ සිට පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ කතාව තුළින් පැහැදිලි වන්නේ ඔහු මෙසේ ඉන්දියාවට තර්ජනාත්මක බලපෑමක් එල්ල කර නොමැති බවයි. ඔහු මෙම ඖෂධය පිලිබඳව පැහැදිලි කිරීමක් කර ඇත්තේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. නමුත් එහි පලිගැනීමේ චේතනාවක් නොතිබෙන බව පැහැදිලිය.
(රිෂ්මි ඉෂාරා)
Danvath news eka harigassapu eka loku deyak.
Trump does not know how to address things diplomatically.