කොවිඩ් 19 හේතුවෙන් බොහෝ පුවත් නිර්මාණය වෙමින් පවතින මෙවන් අවස්ථාවක ප්ලාස්ටික් බෑග් වලට පැනවූ තහනමක් සම්බන්ධයෙන් වන පුවතක් ද බොහෝ දෙනා අතරේ හුවමාරු වී තිබුණි. නැවත භාවිත කළ හැකි බෑග් තහනම් කර තිබෙන බව එම ප්‍රකාශයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ. බොහෝ නගර සහ ප්‍රාන්ත මේ වන විටත් එම සාප්පු බෑග් තහනම් කර තිබෙන බව ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම පාරිසරික උපදේශන කණ්ඩායම් ද මේ සඳහා දැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. මාර්තු අග ඇමරිකාවේ මැසචුසෙට්ස් හා නිව් හැම්ප්ෂයාර්ස්හි මෙසේ ප්ලාස්ටික් බෑග් වලට රාජ්‍ය තහනම පනවා තිබේ. ඉවත දැමිය හැකි බෑග් පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ. නමුත් මේ සදහා කිසිදු ගාස්තුවක් අය කිරීමෙන් වළකින ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ඉලිනොයිස්හි සිල්ලර වෙළෙන්ඳන්ද මෙම තීරණය ගෙන ඇති බව අපට ආරංචි විය. නමුත් ෆ්රැන්සිස්කෝ නගරය 2002දී තනි භාවිත සාප්පු බෑග් තහනම් කර තිබී ඇති අතර උතුරු කැලිෆෝර්නියාවේ ප්‍රාන්ත පහක් ද මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කර ඇති බවට දැනගන්නට ලැබිණි. කෙසේ වෙතත් රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථානය මේ වන විට වෛරස වාහකයක් ලෙස නැවත භාවිතා කළ හැකි මෙම බෑග් හඳුන්වා දී තිබේ.
ජාතික සෞඛ්‍ය ආයතනය (NIH) තහවුරු කර තිබුණේද පැය හැත්තෑ දෙකක් දක්වා ප්ලාස්ටික් සහ මල නොබැඳෙන වානේ මත මෙම වෛරස බිඳිති තිබිය හැකි බවයි.
එබැවින් පරිසර ක්‍රියාකාරික කණ්ඩායම් පවසා ඇත්තේ එය සෞඛ්‍යසම්පන්න විකල්පයක් බවයි. එමෙන්ම ප්ලාස්ටික් දූෂණය නැවැත්වීමේ ව්‍යාපාරයටද මෙය සහයෝගය දක්වන බව ඔවුන් පෙන්වා දී තිබේ. ලාභ ලැබීමට පෙර මිනිසුන්ගේ ආරක්ෂාව සැලකිලිමත් විය යුතු බවත් මෙම නව පියවර මගින් එයට පුළුල් අඩිතාලමක් වැටෙන බවත් ඔවුන් තවදුරටත් සදහන් කර තිබුණි. කෙසේ වෙතත් මෙම තීරණය තුළින් සමස්ත ලෝකයටම යහපත් ප්‍රතිඵල අත්වන බව බොහෝ දෙනාගේ මතයයි. මෙම තීරණය ගැන විවිධ අදහස් මේ වන විට පළවෙමින් තිබෙන අතර බොහෝ රටවල් මේ කෙරෙහි අවධානය යොමු කරතැයි වගකිවයුතු බලධාරීන් බලාපොරොත්තුවෙන් සිටියි.
4,187 views
What does this actually says , how could plastic pollution going to reduce when they introduce one time used bags again ?