Press "Enter" to skip to content

කොරෝනාව නිසා ඉන්දීය වෛද්‍යවරියක මිය ගිය ආරංචිය ඇත්තද?

නව කොරෝනා වෛරසයත් සමග ඉන්දියාව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. එසේම මේ දිනවල කොවිඩ් 19 හේතුවෙන් කාන්තා වෛද්‍යවරියක් මියගිය බවට පුවතක් ඉන්දියාව පුරා ප්‍රචාරය වෙමින් පවතී. එබැවින් මේ පුවත පිළිබඳව සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට අපි උත්සහ කළෙමු.

තොරතුරු සොයා බැලීමේදී පසුගිය දිනයක උත්තර් ප්‍රදේශයේ මියගිය ගියා යැයි සඳහන් කරන මෙම කාන්තාව සැබැවින්ම මියගොස් තිබෙන්නේ උත්තර් ප්‍රදේශයේ නොව මධ්‍යම ප්‍රදේශයේදී බවට අනාවරණය විය. එමෙන්ම රෝහල් ඇඳක් මත සිටින කාන්තාවකගේ ඡායාරූපයක් පළ කරමින් මෙම පුවත බොහෝ දෙනා අතර බෙදා හදා ගෙන තිබුණත් එය මෙම නව කොරෝනා වෛරසයට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවද සොයාගෙන තිබේ.

මෙම ඡායාරූප බෙදා හදා ගත් ඇතැමුන් විසින් පවසා තිබුණේ ඇය නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර කරමින් සිටින අතරතුරදී මියගිය බවයි. නමුත් සමහරුන් සදහන් කර තිබුණේ ඉස්ලාමීය ජිහාඩ්වරුන් ඇයට පහරදී ඇති බවත් ඒ තුළින් ඇය මියගොස් ඇති බවත්ය. පහර දීමෙන් ඇය දරුණු ලෙස තුවාල ලබා ඇති බවත් එම මරණයට හේතුව එම පහරදීම බවත් ඔවුන් පවසා තිබුණි.

නමුත් වැඩිදුර කරුණු සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ මෙය අසත්‍ය ප්‍රකාශයක් බවයි. මෙම යුවතිය මරණයට පත්වී තිබුණද ඒ නව කොරෝනා වෛරසය හේතුවෙන් වත් පහරකෑමට ලක් වීමෙන් වත් නොවන බවට කරුණු හෙළි වී තිබේ. එමෙන්ම මෙය උත්තර ප්‍රදේශයෙහි නොව මධ්‍ය ප්‍රදේශයේදී සිදුවී ඇති බවටද තොරතුරු අනාවරණය විය. පොලිස් වාර්තාවලට අනුව මෙම ඡායාරූපයේ සිටින්නේ වන්දනා තිවාරි නම් කාන්තාවකි. මෙම කාන්තාව මධ්‍ය ප්‍රදේශයේ රජයේ වෛද්‍ය පාසලක ඖෂධවේදියෙක් ලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයා පවසා ඇත්තේ කොවිඩ් 19 රාජකාරියේ යෙදී සිටියදී මොළයේ රක්තපාත තත්ත්වයක් හේතුවෙන් ඇය කෝමා තත්වයට පත්වී ඇති බවයි. එසේම අප්‍රේල් හත මැය මිය ගියත් ඒ නව කොරෝනා වෛරසය හේතුවෙන් නොවන බව ඔහු පැහැදිලි කර තිබුණි. එමෙන්ම ඇයට පහරදී ඇතැයි පළවෙන පුවත් අසත්‍ය බව ද ඔහු විසින් සඳහන් කර තිබුණි. ලෝකේන්ද්‍ර වූ ඇගේ ස්වාමිපුරුෂයා මෙම ප්‍රකාශ දෙකම ප්‍රතික්ෂේප කළේ ඇයගේ බිරිඳ මෙම හේතුන් නිසා මිය නොගිය බවට කරුණු හෙළි කරමිනි.

කෙසේ නමුත් වන්දනා තිවාරි නම් කාන්තාව කොවිඩ් 19 හේතුවෙන් හෝ පහරදීමක් හේතුවෙන් මිය ගොස් නොමැති බව අපට තහවුරු විය. එබැවින් රක්තපාත රෝගයෙන් මියගිය මෙම කාන්තාව පිළිබඳව පලවන තොරතුරු අසත්‍ය බව අනාවරණය වේ.
(රිෂ්මි ඉෂාරා)

3,228 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk