Press "Enter" to skip to content

ලොක් ඩවුන් නීති කැඩූවන්ට දඩුවම් ලෙස ක්ලීනින් වැඩ දුන් කතාව

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මාර්තු මාසයේ දී එරට අගුලු දැමීමට තීරණය කර තිබුණි. එවන් අවස්ථාවක කර්ණාටක ප්‍රාන්තයේ වැවක් පවිත්‍ර කිරීම පිළිබඳ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. මෙම පුවතත් සමඟ කර්ණාටක පොලිසිය මේ පිළිබඳ ව අවධානය යොමු නොකරන බවද පවසමින් එම පොලිසියටද අපවාද එල්ලකිරීමට ජනතාව පෙළඹී සිටියි.

මෙම පුවතේ සඳහන් වැව කර්ණාටක ප්‍රදේශයේ වැවක් බවත් අවට ගම්වාසීන් අගුලු දැමීමේ නීති කඩකරමින් මෙම වැව පවිත්‍ර කිරීම සඳහා කටයුතු කරන බවත් එම පුවතේ සඳහන් කර තිබේ. එමෙන්ම පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු වී පවිත්‍ර කරන ඡායාරූපයක් ද මේ සමඟ බෙදා හදා ගෙන තිබේ.

නමුත් කරුණු සොයා බැලීමේදී තහවුරු වූයේ මෙය නොමග යවන ප්‍රකාශයක් බවයි. එසේම කර්ණාටක පොලිසියද නිර්දය ලෙස අපහාසයට ලක් කරන මෙම පුවත මෑත කාලීන සිදුවීමක් නොවන බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත් මේ අවස්ථාව වන විට කර්ණාටක පොලිසිය තම රාජකාරිය නිසි ආකාරව සිදු කරන බවත් lockdown නීති උල්ලංඝනය කිරීමට ඔවුන් ජනතාවට ඉඩ නොදෙන බවත් පැහැදිලි වී තිබේ.

මෙම පුවත අවුරුදු තුනක් පැරණි පුවතක් බවද මේ වන විට සොයාගෙන තිබේ. අගුළු දැමීමත් සමග එම පුවතේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවත් මේ වන විට තහවුරු කරගෙන ඇත. එමෙන්ම 2014 ජූලි මස තුන්වන දින bangle mirror විසින් මෙම පුවත පල කොට තිබෙන අතර බැංගලෝර්හි වැවක් මෙසේ පිරිසිදු කරන බවත් එසේ කරන්නේ ස්වේච්ඡාවෙන් පැමිණි පිරිසක් බවත් එම පුවතෙහි සඳහන් වී තිබුණි. එමෙන්ම කර්ණාටක පොලිසිය පිළිබඳව ඇතැම් තොරතුරු මෙම පුවත හා සම්බන්ධව ප්‍රකාශ වුවත් ඒවා ද අසත්‍ය බව සොයාගෙන තිබේ. එබැවින් මෙම පුවත ජනතාව නොමග යවන සුළු පුවතක් බවට අනාවරණය වී ඇත.

– රිෂ්මි ඉෂාරා –

6,655 views

One Comment

  1. CitizenZero CitizenZero April 19, 2020

    Gothrika India wala ithin mona mona wikara rupi dewal unath unta awulak na. Amu gothrikayo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk