Press "Enter" to skip to content

රජයේ විශේෂ දුම්රියක් ගැන ඉන්දියාවේ හුවමාරුවූ ලිපිය

ලෝකයේ බොහෝ රටවල් වල ප්‍රවාහන කටයුතු අඩපණ කරීමටද මෙම කොරෝනා වෛරසයට හැකිවී තිබේ. මෙවන් අවස්ථාවක දුම්රිය සේවා නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉන්දියාව විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති බවට ප්‍රකාශයක් පළවීමත් සමග ජනතාව ඒ පිළිබඳ ව දැඩි අපේක්ෂාවකින් කටයුතු කරන බව පෙනෙන්නට ඇත.

මෙම ලිපිය මගින් දකුණු මධ්‍යම දුම්රිය කටයුතු පිළිබඳව විස්තර කර ඇති අතර විශේෂ දුම්රිය ධාවන පිළිබඳව ද තොරතුරු සඳහන් කර ඇත. එමෙන්ම සංක්‍රමණික කම්කරුවන් සඳහා මෙම විශේෂ දුම්රිය සූදානම් කර ඇති බව එහි වැඩිදුරටත් සදහන් කර තිබේ. සංක්‍රමණික කම්කරුවන් සිය ගණනක් පසුගිය අප්‍රේල් දාහතර වන දින සිය නිවෙස් වලට යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ. ඒත් සමගම මීට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය විසින් මෙම පියවර අනුගමනය කර ඇති බව ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කොට තිබේ. කෙසේ වෙතත් මෙය ඉන්දිය නිලධාරීන්ගේ නිවේදනයක් ද රජය විසින් සිදු කළ නිල නිවේදනයක් ද යන්න පිළිබඳව පැහැදිලිතාවයක් මෙම ලිපිය තුලින් දක්නට නොලැබේ.

මෙම ලිපිය බෙදා හදාගෙන ඇත්තේ දුම්රිය ටිකට් පතක ශීර්ෂ පාඨයක්ද සඳහන් කරමිනි. නමුත් මෙය සත්‍ය පණිවිඩයක් නොවන බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී තහවුරු වූයේ මෙය රජය විසින් සිදුකළ නිල නිවේදනයක් නොවන බවයි.

දුම්රිය ටිකට් පත් වෙන්කරවා ගැනීම මාස හතරකට පෙර සිදුකළ හැකි අතර 21වන දින අගුලු දැමීම නිවේදනය කිරීම හේතුවෙන් එම ටිකට්පත් මිලදී ගන්නා සංඛ්‍යාව විශාල වශයෙන් වර්ධනය වී තිබේ. එබැවින් දුම්රිය ධාවනයවේද නැද්ද යන්න පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි බව එරට බලධාරීන් පෙන්වා දෙයි. දුම්රිය නැවත ආරම්භ කිරීම පිළිබඳව දුම්රිය අමාත්‍යංශය අප්‍රේල් 4 වන දින පැහැදිලි කළේ මගීන් සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් තම රජය විසින් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් එම තීරණ නිසි පරිදි දැනුම් දීමට ඔවුන් කටයුතු කරන බවත්ය.

එමෙන්ම 2020 මැයි මස තුන්වන දින දක්වා රට පුරා සියළු මඟී දුම්රිය සේවා සම්පූර්ණයෙන් අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බවත් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කිසිදු සැලසුමක් මේ වන තෙක් නොමැති බවත් අදාළ බලධාරීන් විසින් පෙන්වාදී තිබේ. එබැවින් මෙවැනි වැරදි ආරංචි වලට නොරැවටෙන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉහත සඳහන් කරන ලද මෙම ප්‍රකාශයද ව්‍යාජ පුවතක් බව අනාවරණය කරමිනි.

– රිෂ්මි ඉෂාරා –

349 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk