Press "Enter" to skip to content

ලොක් ඩවුන් අතර ඉන්දීය පොලිස් හිංසනය

පවතිනා තත්ත්වය අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල් බොහෝ ප්‍රමාණයක් අගුළු දමා තිබේ. මේ අතරතුර පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය වැසියෙක් විසින් පහර දෙන ඡායාරූප කිහිපයක් මේ දිනවල සංසරණය වෙමින් පවතී. පොලිස් හිංසනයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඡායාරූප පෙළ සංසරණය වන අතර පුරවැසියන්ගේ අසරණභාවය තේරුම් ගන්නා ලෙස ද එහි සඳහන් කර තිබුණි.

නමුත් මේ දිනවල සංසරණය වන එම ඡායාරූප අවුරුදු තුනක් පමණ පැරණි බව සොයා ගෙන තිබේ. එබැවින් මෙම ඡායාරූප පෙළට කොරෝනා වෛරසය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව තහවුරු වේ. මීට සාපේක්ෂව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හදාගෙන තිබෙන මෙවන් තොරතුරු සටහන් බොහොමයක් අසත්‍ය බව මේ වන විට සොයාගෙන තිබේ.

මෙම ඡායාරූප ද 2017 ජුනි මාසයේදී ලිපියක පල වූවක් වන බව සොයා ගෙන තිබේ. යෞවන පාසල් සිසුවියක් රෝහලකදී දූෂණය කළ බවට චෝදනා ලැබීමෙන් පසුව පිරිසක් කැරලි ගසා පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවත් මෙම පිංතූර එම අවස්ථාවේදී ලබාගෙන ඇති බවටත් කරුණු අනාවරණය විය.

කෙසේ වෙතත් දැනට පවත්නා අගුලු දැමීමේ ක්‍රියාවලියත් සමඟ මෙම ඡායාරූප පෙළෙහි කිසිදු සබඳතාවක් නොමැති බව මේ වන විට සොයාගෙන තිබේ. එහෙයින් මෙවන් අවස්ථාවක සමස්ත ලෝකයේ ම ආරක්ෂාව වෙනුවෙන් සෑම රටකම හමුදාවන් සහ පොලිසිය විසින් සිදුකරන රාජකාරි වලට සහය දැක්විය යුතු බවත් මෙවන් අසත්‍ය ප්‍රචාර තවදුරටත් බෙදා හදා ගැනීම නොකළ යුතු බවත් සමස්ත ජනතාවටම තේරුම් කර දීම වඩාත් වැදගත් වේ.
(රිෂ්මි ඉෂාරා)

9,218 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk