Press "Enter" to skip to content

කොරෝනා පරීක්ෂණ වලට ඉන්දියාවේ අධික මිලක් ගන්නා කතාව

නව කොරෝනා වෛරසය මේ දිනවල සියලු දෙනාගේ කතාබහට ලක්ව ඇත්තේ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම අවාසනාවන්ත බලපෑමට ලක් ව ඇති බැවිනි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින්ද ඉන්දියානු ප්‍රජාවගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලා තම රට ලොක්ඩවුන් කිරීමට තීරණය කොට තිබුණි. එරට ආසාදිතයන් මෙන්ම මරණ සංඛ්‍යාවද දිනෙන් දින වැඩිවීම හේතුකොට ගෙන මෙසේ ඉන්දියාව තුළ කොරෝනා වෛරස මරණ මෙන්ම ආසාදිතයන්ගේ ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම කොරෝනා වෛරසය සහ ඉන්දීය රජය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. “මේ දිනවල කොරෝනා වෛරස පරීක්ෂණ සඳහා වැඩිම මිල ඉන්දියාවෙන්” යනුවෙන් ප්‍රකාශ කරමින් සංසරණය වන පුවත ද එවැන්නක් ලෙස හදුන්වාදිය හැක.

ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, චීනය ශ්‍රී ලංකාව ආදී රටවල් සමග සංසන්දනය කර බැලූ විට ඊට සාපේක්ෂව මෙම කොවිඩ් 19 පරීක්ෂණය සඳහා ඉතා වැඩි මුදලක් ඉන්දීය රජය අය කරන බව මෙම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සදහන් කර තිබේ. එමෙන්ම තවත් ට්විටර් සටහනක සඳහන්ව තිබුණේ දුප්පතුන්ට නව කොරෝනා පරීක්ෂණය සඳහා 4500ක් වැනි මුදලක් ලබා දීම අපහසු බවයි. මෙම ප්‍රචාරය සහ එහි සත්‍යතාවය පිළිබඳව අප සොයා බැලීමේදී වැදගත් කරුණු කිහිපයක්ම අනාවරණය කර ගැනීමට අපට හැකි විය.

මෙම කොවිඩ් 19 පරීක්ෂණය සඳහා රජයේ රෝහල් වලින් හෝ රජයේ රසායනාගාර වලින් කිසිදු මුදලක් අය නොකරන බවත් එම සේවාව නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් ඉන්දීය රජය පවසා තිබේ. නමුත් පෞද්ගලික රෝහල්වල මෙම පරීක්ෂණය සඳහා ලබාගත හැකි උපරිම මිල 4500ක් ලෙස ජාතික කාර්ය සාධක බලකාය විසින් නියම කර ඇත. එමෙන්ම සෑම සැක සහිත රෝගීන් සඳහාම රුපියල් 1500ක් සහ තහවුරු කිරීමේ පරීක්ෂණය සඳහා රුපියල් 3000ක ස්ථාවර උපරිම මිලක් ලබා දී තිබේ. අනෙක් රටවල් වල ද පෞද්ගලික රෝහල්වලින් මෙම පරීක්ෂණය සිදු කර ගැනීමේදී ගාස්තු අය කරනු ලැබේ.

එබැවින් ඉන්දීය රජය පමණක් මෙසේ ගාස්තු අයකරන බවට අසත්‍ය ප්‍රචාර පළ කරමින් පෞද්ගලික අංශයට දැමූ මෙම මිළ පාලනය රජයේ සමස්ත රෝහල් වලින් අය කරන බවට පළ වන පුවත් අසත්‍ය බව අප තේරුම් ගත යුතුයි.

(රිෂ්මි ඉෂාරා)

677 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk