Press "Enter" to skip to content

ඉන්දුනීසියාවේ ලොක් ඩවුන් බය ඇතිකරපු අවතාර වීඩියෝව බොරුවක්

ලොව පුරා විශාල රටවල් ප්‍රමාණයක් මේ අවස්ථාව වන විට lockdown හෙවත් අගුලු දැමීමේ ක්‍රියාව අනුගමනය කර තිබේ. මෙම නව කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දී භාවිතා කරන ප්‍රබල ක්‍රියා මාර්ගයක් ලෙස මෙය හඳුන්වා දිය හැක. මෙහිදී ජනතාව තම නිවෙස් තුළම රඳවා තබා ගැනීමට රජයන් විසින් ක්‍රියාකරනු ලබයි. ඉන්දීය රජය ද මේ වන විට මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කර ඇති අතර විහිළු සහගත වීඩියෝවක් පළකරමින් එහි දක්වා ඇත්තේ එරට ජනතාව නිවෙස් තුල රදවා තබා ගැනීමට මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.

අදාල වීඩියෝව තත්පර දාහතක කාලයක් ප්‍රදර්ශනය කෙරෙන අතර පුද්ගලයෙකු පාලු පාරක බයිසිකලයක් පැදගෙන යන අයුරු මුලින්ම මෙමගින් පෙන්වයි. පසුව හදිස්සියේම සුදු පැහැති ඇඳුමින් සැරසුණු මිනිසෙක් බයිසිකලය ඉදිරිපිටට පනින අයුරු මින් පෙන්වයි. එවිට බයිසිකලය අසමතුලිත වීමත් සමග පුද්ගලයන් දෙදෙනාම ඉන් පලා යන අයුරු මෙම වීඩියෝවෙහි තවදුරටත් දක්නට ලැබේ. මෙය ඉන්දියාවේ ගෝවා වල දී ගනු ලද්දක් යැයි ප්‍රචාරය වුවත් එය අසත්‍යක් බවට මේ වන විට කරුණු හෙළි වී තිබේ.

මෙම වීඩියෝව ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ගනු ලද්දක් බවත් 2019 මැයි මාසයේ දී ඉන්දුනීසියාවේ වෙබ් අඩවියක මෙම වීඩියෝව බෙදා හදාගෙන ඇති බවත් වාර්තාවේ. එමෙන්ම මෙය හාස්‍යජනක මාතෘකාවක් සමග මෙසේ ප්‍රචාරය වී ඇත. “පිරිමින් පොකොං දැකීමෙන් පසු පලායයි” යනුවෙන් එහි සඳහන් ව තිබිණි. පොකොං යනු ඉන්දුනීසියාව සහ මැලේසියාව අවතාර හා ආත්මයන් සඳහා භාවිතා කරන නමකි. කෙසේනමුත් මෙය ඉන්දියාවේ දී ගත් වීඩියෝවක් නොවන බව පැහැදිලිය.

එබැවින් මෙවැනි භයානක විහිලු සිදු කරමින් ජනතාව අනවශ්‍ය ලෙස බිය වැද්දීම නොකළ යුතු බවත් ලොවම මෙවන් ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙසේ ජනතාව අපහසුතාවයට පත් කරන වීඩියෝ පට ප්‍රචාරය කිරීම උචිත නොවන බවත් පැවසිය යුතුමයි.
(රිෂ්මි ඉෂාරා)

1,209 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk