Press "Enter" to skip to content

කොරෝනා නිසා ඔලිම්පික් සංකේතයේ වළලු වෙනස් කරපු කතාව

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති covid 19 වෛරසය මේ වන විට ලොව පුරා ජනතාවගේ එදිනෙදා ජීවන කටයුතු වලට මෙන්ම 2020 ඔලිම්පික් තරගාවලියට ද මහත් බාධාවක් වී පවති. මෙවර ටෝකියෝ ඔලිම්පික් ගැන විවිධ කතා පළවුණ ද මේ වන විට කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය කල් දමන බව බලධාරීන් විසින් පවසා තිබේ.

කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් ලාංඡනය ප්‍රතිනිර්මාණය කර තිබුණේ කහ කළු රතු නිල් කොළ යන වළලු පහක් එකිනෙකට සම්බන්ධ කරමිනි. නමුත් covid 19 වෛරසය හේතුවෙන් මේ වන විට මුළු ලොවම විශාල ව්‍යසනයකට පත්ව ඇති හෙයින් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ලාංඡනය ප්‍රතිනිර්මාණය කර ඇත්තේ එම වළලු වෙන වෙනම ඉදිරිපත් කරමින් යැයි ඇතැමුන් පවසයි. මෙයින් වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන සමාජ දුරස්ථභාවය පෙන්නුම් කරන බවට ඇතැමුන් අදහස් පළකර තිබේ. නමුත් ඉන්දියාවේ AFWA ආයතනය මගින් මෙම ප්‍රකාශය අසත්‍ය බවට මේ වන විට කරුණු සොයාගන තිබේ. නමුත් මෙවන් යෝජනාවක් ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ ලාංඡනය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් තවමත් මෙම ඔලිම්පික් ලාංඡනයේ වළලු පහෙන් මහද්වීප පහේ එකමුතුව සංකේතවත් කරන බවත් මෙවර පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් වසරකට කල් දැමීමට තීරණය කර ඇති බවත් බලධාරීන් පවසයි.

එබැවින් මෙම ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ ලාංඡනය සම්බන්ධයෙන් පළ වන මත වල සත්‍යතාවය පිළිබඳව අප නිසි අවබෝධයකින් තේරුම් ගැනීම වැදගත් වේ.
(රිෂ්මි ඉෂාරා)

432 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk