Press "Enter" to skip to content

පාරජම්බුල කිරණ කොරෝනාව විනාශ කරයිද?

මේ දිනවල නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19ට එරෙහිව ක්‍රියාත්මක විය හැකි එන්නත් මෙන්ම ප්‍රති ඖෂධ ගැනත් බොහෝ දෙනා කතාබහ කරයි. එමෙන්ම මෙම වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සටන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව න්‍යායන්ගෙන් අන්තර්ජාලය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ද පිරී ගොස් ඇත. මෙවැනි එක් අදහසක් පළ කරමින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් කියා සිටින්නේ සූර්යාලෝකය මඟින් නිපදවන පාරජම්බුල කිරණ මගින් මෙම නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදිය හැකි බවයි. එසේම මෙම දරුණු වෛරසයට එරෙහි ප්‍රතිකර්මයක් ලෙස මෙම පාරජම්බුල කිරණ යොදා ගැනීමට හැකි බව පවසමින් බොහෝදෙනෙක් තම සමාජ මාධ්‍ය ගිණුම් තුලින් අදහස් දක්වා තිබුණි. එබැවින් මේ පිළිබඳ සත්‍ය තතු අනාවරණය කර ගැනීමට අප උත්සාහ කළෙමු.

ෆේස්බුක් ට්විටර් වට්ස්ඇප් ආදී සමාජ මාධ්‍ය ජාලා කිහිපයක්ම පවසා තිබුණේ කොරෝනා වෛරසයෙන් මිදීමට හිරු එළියට නිරාවරණය වෙමින් සූර්යාලෝකය ලැබෙන සේ සිටීම සිදු කළහොත් එහි අහිතකර බලපෑමෙන් මිදීමට හැකිවන බවයි. එසේම පාරජම්බුල කිරණ මගින් මෙම මාරාන්තික කොරෝනා වෛරසය විනාශ හැකි බවත් ඔවුන් තරයේ ප්‍රකාශ කර තිබුණි. නමුත් මෙම ප්‍රකාශයන් ජනතාව නොමග යවන සුළු අසත්‍ය ප්‍රකාශයන් බව මේ වන විට සොයාගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට පාරජම්බුල කිරණට නිරාවරණය වීම මිනිස් සිරුරට අහිතකර වේ. ඔවුන් මෙම අසත්‍ය ප්‍රකාශය නිවැරදි කරමින් පවසා තිබෙන්නේ පාරජම්බුල කිරණ මගින් මිනිස් සමට අහිතකර බලපෑම් එල්ල වන බවත් එසේම කොරෝනා වෛරස් විසබීජහරණය කිරීමට පාරජම්බුල කිරණ කිසිසේත් භාවිත නොකළ යුතු බවත්ය. මින් ගත හැකි යම් යම් වාසි සහගත තත්ත්වයන් තිබුණත් මෙය විශ්වාසදායීව සෘජුව කොරෝනා වෛරසය පරාජය කිරීමට ගත හැකි උපක්‍රමයක් නොවන බව ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් මිනිස් සෛලවලට හානි සිදුකරන මෙම පාරජම්බුල කිරණ කොරෝනා මර්දනය සඳහා අනුමත කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය තරයේ ප්‍රකාශ කොට තිබේ. එබැවින් එවන් අවදානමක් ගැනීම සුදුසු නොවන බවද ඔවුන් පෙන්වා දෙමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් ක්‍රියාවල යෙදීම යෙදීම කිසිසේත් නොකළ යුතු බවයි.
(රිෂ්මි ඉෂාරා)

2,895 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk