Press "Enter" to skip to content

එළිමහනේ කොරෝනා ප්‍රතිකාර කරන ඡායාරූපය

කොරෝනා වෛරසය දහස් ගණන් ජීවිත බිලි ගනිමින් සිටින අවස්ථාවක බොහෝ රටවල් වලට ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට තරම් වෛද්‍ය පහසුකම් නොමැති බව අප පිළිගන්නා කරුණකි. නමුත් ආසාදිතයන් පිරිසකට සේලයින් ලබා දෙමින් එළිමහන් ස්ථානයක ප්‍රතිකාර ලබාදෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් පළ කරමින් පකිස්ථානයෙන් මෙම සිදුවීම වාර්තාවී ඇති බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බව මේ වන විට සොයාගෙන තිබේ.

මෙම ඡායාරූපය 2018 ජූනි මස 24 වන දින ගන්නා ලද්දක් බව අපට තහවුරු විය. එසේම එය වෙනත් අවස්ථාවක දී ගන්නා ලද ඡායාරූපයක් බවත් කිසි විටෙකත් එම ඡායාරූපය මෑතකාලීන ඡායාරූපයක් බව පිළිගත නොහැකි බවටත් මේ වන විට කරුණු අනාවරණය වී තිබේ. එබැවින් මෙම ඡායාරූපයට කොරෝනා වෛරසය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බැවින් වෛද්‍ය පහසුකම් නැතැයි පවසමින් මෙසේ ජනතාව මුළාවට පත් කිරීම පිළිකුල් සහගත ක්‍රියාවකි.

එබැවින් යම් පුවතක් තමන් විසින් විශ්වාස කරමින් අන් අය හා හුවමාරු කරගැනීමට පෙර එම පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන බව පැහැදිලිය. මෙවන් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම තුළින් ජනතාව අතර අනවශ්‍ය කලබලයක් සහ බියක් ඇතිවන බැවින් මෙවන් අසත්‍ය ප්‍රචාරයන් සංසරණය කරමින් වැරදි තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.
(රිෂ්මි ඉෂාරා)

1,045 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk