Press "Enter" to skip to content

සල්මන් කාන් කොරෝනා අරමුදලට කෝටි 250 ක් දුන් කතාව

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් දහ නමය හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමට සෑම රටකම ජනතාව එකාවන්ව පෙළ ගැසෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. එම වෛරසයට එරෙහිව සටන් කිරීමේ දී රටවල් බොහොමයක් lockdown කිරීමේ ක්‍රමවේදය අනුගමනය කර තිබෙන අතර මේ හේතුවෙන් විශාල පවුල් සංඛ්‍යාවක් බොහෝ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටී. එබැවින් මේ මොහොත වනවිට බොහෝ ධනවතුන් දිළිඳු පවුල් උදෙසා විවිධ පරිත්‍යාගයන් සිදු කරන බව පෙනෙන්නට තිබේ. ඉන්දියාවද අගුලු දමා ඇති මෙම අවස්ථාවේ ඉන්දීය සුප්‍රකට නළු සල්මාන් ඛාන් විසින්ද මෙම නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 250ක මුදලක් පරිත්‍යාග කළ බවට පුවතක් මුළු ඉන්දියාව පුරාම මෙන්ම ලෝකය පුරා ම ප්‍රචාරය වෙමින් පවතී.

මේ පිළිබඳව අප සිදුකළ විමර්ශනයේදී තහවුරු වුණේ ඉන්දීය සුප්‍රකට නළු සල්මන් ඛාන් විසින් මෙවැනි පරිත්‍යාගයක් සිදු කර නොමැති බවයි.

මෙසේ ශීර්ෂ පාඨයක් සමග පළවෙන පුවතේ ඉන්දීය ප්‍රවීණ නළු සල්මන් ඛාන් සහ මෝදි මහතාගේ පින්තූරයක් ද පළව තිබේ. නමුත් මෙසේ ඉන්දිය නළු සල්මන් ඛාන් විසින් රුපියල් කෝටි 250ක මුදලක් නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම වෙනුවෙන් පරිත්‍යාග කළ බවට කිසිදු විශ්වාසනීය වාර්තාවක් මේ වන තෙක් සොයාගත නොහැකව තිබේ. නමුත් ඔහු විසින් ඉන්දියාවේ අගුලු දැමීමත් සමග තමන්ගේ රටේ ජනතාවට නිවසින් පිටතට නොයන ලෙස ඉල්ලා සිටිමින් කරන ආයාචනයක් සහිත වීඩියෝවක් පල කර ඇති බවට වාර්තා වී තිබේ. නමුත් මෙසේ රුපියල් කෝටි 250කූ තමන් විසින් රට වෙනුවෙන් පරිත්‍යාග කරන බවට කිසිදු විස්තරයක් ඔහු එමගින් පවසා නොමැත.

කෙසේ වෙතත් මේ පිළිබඳව සිදුකළ වැඩිදුර විමර්ශන වලදී තහවුරු වූයේ මෙම පුවතත් සමග ප්‍රචාරය වන පින්තූරයේ සල්මන් ඛාන් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පින්තූරයක් පළවුවද එය මෙම 2020 නව කොරෝනා වෛරසය සමඟ සම්බන්ධ ඡායාරූපයක් නොවන බවයි. මෙම ඡායාරූපය 2014 නොවැම්බර් මස 6 වන දින ගත් ඡායාරූපයක් බව මේ වන විට අනාවරණය වී තිබේ. එබැවින් නැවත වරක් මෙම පුවත අසත්‍ය බව අපට තහවුරු වේ.

එබැවින් ප්‍රවීණ සුප්‍රකට නළු සල්මන් ඛාන් විසින් රුපියල් කෝටි 250ක මුදලක් ඉන්දීය කොරෝනා වෛරසයට එරෙහි සටන වෙනුවෙන් පරිත්‍යාග කළ බවට පළ වන පුවත අසත්‍ය බව අපට නැවතත් තහවුරු වේ.

7,364 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk