Press "Enter" to skip to content

කොරෝනාවට Donation කරන්නැයි ඉන්දීය අගමැති යොදා ව්‍යාජ ප්‍රචාරයක්

ඉන්දියාව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ නව කොරෝනා වෛරසය හේතුවෙන් එරට මරණ දිනෙන් දින ඉහළ යෑමත් සමගයි. වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීමට තරම් ඉන්දීය රජය සතුව ආර්ථික ශක්තිමත් භාවයක් නොමැති බව සඳහන් කරමින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කොරෝනා මර්ධනය සදහා ජනතාවගේ සහය ඉල්ලීම පිළිබඳව පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

කොවිඩ් 19 වැනි වසංගත රෝග සමඟ කටයුතු කිරීම අරමුණු කොටගෙන රජය විසින් මෑතකදී පුරවැසි සහාය සහ හදිසි අවස්ථා සඳහා සහන රැස්කිරීම වෙනුවෙන් pm cares නමින් අරමුදලක් පිහිටුවනු ලද ඇතැයි මෙම පුවතේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම ෆේස්බුක් ට්විටර් ආදී සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අරමුදල පිළිබඳව බොහෝ විස්තර විශාල පිරිසක් බෙදාහදා ගන්නා ලදී.

කෙසේ වෙතත් මෙම අරමුදල ව්‍යාජ අරමුදලක් බවට ඇතැම් තොරතුරු වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මෙම pmcaresfund.online නම් වෙබ් අඩවිය හරහා pm cares අරමුදලට මුදල් පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත. භාරතීය ජනතා පක්ෂ නායක වන ෂයිනා එන්සි මෙන්ම ලෝක සභා පාර්ලිමේන්තු මන්ත්‍රී උමේෂ් පටේල් මහාරාෂ්ඨ තරුණ අංශයේ සභාපති යෝගේෂ් තිලෙකාර් යන මහත්වරුන්ද මෙම ව්‍යාජ වෙබ් අඩවිය හරහා pm care අරමුදලට පරිත්‍යාගයන් සිදු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.

නමුත් මහාරාෂ්ට යෞවන කොංග්‍රසයේ සමාජ මාධ්‍ය කණ්ඩායමේ ප්‍රවීන් කුමාර් ඇතුළු නිලධාරීන් මෙම ප්‍රශ්නය දේශපාලනිකව ඉදිරිපත් කර ඇති අතර මෙය මහාරාෂ්ට භාරතීය ජනතා පක්ෂ නායකයින්ගේ මූල්‍යමය වංචාවක් බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මෙය අසත්‍ය වෙබ් අඩවියක් බව සොයාගෙන තිබේ. මෙහි සත්‍යය ආරක්ෂිත වෙබ් අඩවියේ අවසානයේ දී gove.lk යන නාමය යෙදී තිබේ. එමෙන්ම මෙම ව්‍යාජ වෙබ් අඩවියෙන් කෙනෙකුගේ නම සහ whatsapp අංකය පමණක් ඉල්ලා සිටින අතර සත්‍ය මුල් ආරක්ෂිත වෙබ් අඩවියේ දායකයන්ගේ වෙනත් විවිධ තොරතුරු ද සොයා බලයි. එමෙන්ම මෙම වෙබ් අඩවියේ domain නාමය පරිදි පිළිබඳව පරීක්ෂා කිරීමේදී ද මෙය ව්‍යාජ වෙබ් අඩවියක් බව සොයාගෙන තිබේ. මෙම ව්‍යාජ වෙබ් අඩවියට බොහෝදෙනා පරිත්‍යාගයන් සිදු කර ඇති නමුත් මෙය තවදුරටත් සිදු කිරීමෙන් වැළකී සිටින්නැයි බලධාරීන් පවසා තිබේ. එබැවින් අප මෙවන් පරිත්‍යාගයන් සිදු කිරීමේදී මෙම වෙබ් අඩවියන්හි සත්‍යතාවය පිළිබඳව විමර්ශනාත්මකව සොයාබැලීම අත්‍යවශ්‍ය වේ.

– රිෂ්මි ඉෂාරා –

318 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk