Press "Enter" to skip to content

කොරෝනා නිසා ඉන්දියාවේ අන්තර්ජාල වාරණයක්?

නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ මේ වන විට ලොවපුරා බොහෝ රටවල් වල ජනතාව තම නිවෙස්වලට වී සිටින බව අප දන්නා කරුණකි. මේ තත්ත්වය මත සැලකිය යුතු ජනතාවක් තමන්ගේ රටේ මෙන්ම ලෝකයේ සිදුවන සිදුවීම් පිළිබඳව විස්තර දැනගන්නේ සමාජ මාධ්‍ය හරහායි. නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ලක්ෂ ගණනක් ජනතාව ආසාදිතයන් බවට පත්ව ඇති මෙවන් අවස්ථාවක තමන්ගේ රටේ ආසාදිතයන් ගණන මෙන්ම මරණ පිළිබඳව ද මෙම වෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳව ද බොහෝ දෙනෙක් තොරතුරු දැනගැනීම සඳහා මෙසේ සමාජ මාධ්‍ය භාවිතා කරයි.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් සමාජ මාධ්‍ය සතියක කාලයක් තුළ තහනම් කරන බව සඳහන් කිරීමේ පුවතක් සමඟ ඉන්දීය ජනතාව ඉතා කලබලයට පත්ව ඇති බවට පුවත් බොහෝමයක් පසුගිය දිනවලදී වාර්තා විය. නමුත් මේ පිළිබඳව සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ ඉන්දීය රජය මෙසේ තම රටේ සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සැලසුම් කර නොමැති බවයි.

ඉන්දියාවේ යනු විශාල ජනගහණයක් ජීවත් වන අති විශාල රටකි. මෙම රට තුළ බොහෝ ජනතාවක් තමන්ගේ එදිනෙදා ජීවන වියදම සොයා ගැනීම සඳහා ස්වයං රැකියාවල නිරත වන බව අප සියලු දෙනා දන්නා කරුණකි. නමුත් මෙම නව කොරෝනා වෛරසයට මුහුණ දීමේදී ඔවුන්ට විවිධ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව තිබේ. එසේම ජනතාව මෙම අවස්ථාව වන විට එවන් ආර්ථික දුෂ්කරතාවලට මෙන්ම විශාල මානසික පීඩාවකට ද ලක්ව තිබෙන බව පෙනෙන්නට තිබේ. එවන් අවස්ථාවක ඉන්දීය රජය විසින් මෙසේ අන්තර්ජාල පහසුකම් විසන්ධි කිරීම සුදුසු නොවන බව පළ කරමින් බොහෝ මත ප්‍රචාරය විය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍ය ජාලා විසන්දි කරන බව පැවසීමත් සමගයි. නමුත් මේ වන විට මෙම තොරතුරු අසත්‍ය බව සොයාගෙන තිබේ.

පුවත්පත් තොරතුරු කාර්යාංශය පැහැදිලිවම කියා ඇත්තේ තම ඉන්දීය රජය එවැනි නියෝගයක් සම්මත කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවත්ය. එසේම භීතිය වලක්වා ගැනීම සදහා රජය අන්තර්ජාලය වසා දැමීමට මෙසේ තීරණය කර ඇති බවට සඳහන් වන පුවත ව්‍යාජ පුවතක් බවද ඔවුන් පෙන්වා දෙයි. එහෙයින් ලෝකයම අති දුෂ්කර කාල සීමාවකට මුහුණ දෙමින් සිටින මෙවන් අවස්ථාවක් තුළ මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීම අනුවණ ක්‍රියාවක් බවත් ඔවුන් පෙන්වා දෙයි. එබැවින් තමන් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමේදී මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බව ද ඉන්දීය පුවත්පත් තොරතුරු කාර්යාංශය පැහැදිළි කරදෙයි.
(රිෂ්මි ඉෂාරා)

495 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk