Press "Enter" to skip to content

විෂබීජහරණයට මිනිසුන් ඉවත්කරන ස්පාඤ්ඥ වීඩියෝව

බොහෝ රටවල් නව කොරෝනා වෛරසයෙන් යම්තාක් දුරට හෝ ආරක්ෂාවීමට මේ අවස්ථාවේදී භාවිතා කරනු ලබන මූලික සැලසුමක් ලෙස lockdown හෙවත් අගුලු දැමීමේ ක්‍රමවේදය හඳුන්වාදිය හැක. මේ වන විට ඉතාලිය කැනඩාව ඉන්දියාව ආදී රටවල් විශාල ප්‍රමාණයක් තමන්ගේ රටවල් මෙසේ අගුළු දමා තිබේ. දිනෙන් දින නව කොරෝනා වෛරස රෝගීන් විශාල වශයෙන් වාර්තා වන ප්‍රබල රටක් ලෙස ස්පාඤ්ඤය හඳුන්වාදිය හැක.
මෙවන් වාතාවරණයක් තුළ ස්පාඤ්ඤය ද තම රට lockdown කිරීම සිදුකරනු ලැබුවේ මීට සති කිහිපයකට පෙරයි. නමුත් මේ දිනවල සමාජ මාධ්‍ය සංසරණය වන පුවතක සඳහන් වන්නේ නැවත වතාවක් ස්පාඤ්ඤ තම රට අගුළු දැමීමට කටයුතු කර ඇති බවත් ඔවුන් විෂබීජහරණය කිරීමට මිනිසුන්ව ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවත්ය.

නමුත් මෙම පුවත සඳහන් වීඩියෝ පටය සමග ස්පාඤ්ඤයට කිසිදු සම්බන්ධතාවක් නොමැති බව අනාවරණය කරගෙන තිබේ. මෙම වීඩියෝව පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමේදී එය ව්‍යාජ බව සොයාගන්නා ලදී. මෙම වීඩියෝව වම් පස ඉහල කෙලවරේ “Toplum TV” ලෙස සඳහන් කර තිබේ. එමෙන්ම ToplumTV youtube නාලිකාව තුළද මේ වීඩියෝව දක්නට ලැබුණි. එම කරුණු ඔස්සේ පැහැදිලි කිරීමක් සිදු කළ විට මෙම වීඩියෝව සහ ස්පාඤ්ඤයේ කොරෝනා වෛරසය අතර සම්බන්ධතාවක් නොමැති බව අනාවරණය විය.

මෙම සිදුවීම 2019 ඔක්තෝබර් මස 19 වන දින සිදු වෙයි තිබේ. එසේම මෙය ස්පාඤ්ඤයේ නොව අසර්බයිජානයෙදී සිදු වූවක් බවද අනාවරණය වී තිබේ. එම වීඩියෝවෙ මාතෘකාවට සහ විස්තරයට අනුව ජාතික සභාව සහ ජනප්‍රිය පෙරමුණ පක්ෂයේ රැලියක් අතරතුර මෙය පටිගත කර තිබේ. එමෙන්ම අසර්බයිජානයේ දී මෙම වීඩියෝව පටිගත කර ඇති බවත් එය මෑත කාලීන වීඩියෝවක් නොවන බවත් පැහැදිලිය. එබැවින් කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤය lockdown කිරීමේ සිදුවීම සමග මෙම වීඩියෝව කිසිදු සබඳතාවක් නොදක්වන බව තහවුරු වේ.

602 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk