Press "Enter" to skip to content

කොරෝනා නිසා රෝහල් ගතවූ කාන්තාව වෛද්‍යවරුන් දූෂණය කළ කතාව

නව කොරෝනා වෛරසයත් සමග ලොව පුරා බොහෝ පුවත් මැවෙමින් තිබේ. ඉන්දීය කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් ද මෙසේ සංසරණය වන්නේ ජනතාව තුළ අනිසි බියක් ඇති කරමිනි. මෙම පුවතේ සඳහන්ව ඇත්තේ නව කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල්ගත වූ කාන්තාවක් එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් දූෂණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම කොරෝනා වෛරසය නිසා මෙම කාන්තාව හුදෙකලා වාට්ටුවක් තුළ තබා ඇති බවත් වෛද්‍යවරයෙක් ඇයව දූෂණය කළ බවටත් තොරතුරු පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත බොහෝදෙනා බෙදා හදාගෙන තිබුණි. එමෙන්ම රෝහලෙන් පිටව ගිය විගස ඇය මරණයට පත්වූ බව ද එහි සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් රෝහලක ඇඳක් මත සිටින කාන්තාවකගේ ඡායාරූපයක් සමගින් බෙදා හදා ගන්නා මෙම පුවත පිළිබඳව කරුණු සොයා බැලීමේදී තහවුරු වූයේ මෙය නොමඟ යවන සුළු ප්‍රකාශයක් බවයි.

2017 ජුනි මාසයේ උත්තර් ප්‍රදේශ්හි කාන්පූර් රෝහලක වාට්ටු සේවක පිරිමි ළමයෙක් විසින් යෞවනියක දූෂණය කිරීමේ පුවතක් අපට වාර්තා විය. මැය දාසය හැවිරිදි සිසුවියක් වන බවත් සාදයකදී අසනීප වූ බැවින් පෞද්ගලික සාත්තු නිවාසයකට ඇය ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත් වී ඇති බවත් එහි සඳහන්ව තිබුණි. කෙසේ වෙතත් මෙසේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම රෝහල් වාට්ටු සේවක පිරිමි ළමයා ඇයට බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ලබා දී ඇයව දූෂණය කළ බව එම පුවතේ වැඩිදුරටත් සදහන් කර තිබුණි. කෙසේ නමුත් මෙම පුවත අවුරුදු තුනක් පැරණි සිදුවීමක් වුවත් මෙය නව කොරෝනා වෛරසය සමඟ සම්බන්ධ කරමින් අසත්‍ය ලෙස ප්‍රකාශ කර ඇති බව මේවන විට තහවුරු වී තිබේ. එබැවින් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙන මෙම පුවත ජනතාව නොමඟ යවනසුළු අසත්‍ය ප්‍රකාශයක් බව අනාවරණය වේ.

– රිෂ්මි ඉෂාරා –

7,995 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk