Press "Enter" to skip to content

ඇමරිකානු සුදු පොලිස් නිලධාරීන් කල්ලන් දුටුවිට කහිනවාද?

ලොව පුරා නව කොරෝනා වෛරස භීතිය පැතිරෙමින් තිබෙන මෙවන් අවස්ථාවක සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ අනුමත කළ නොහැකි ක්‍රියාවක් විදහා දැක්වෙන වීඩියෝවක් instagram හි පුළුල් ලෙස බෙදා හදාගෙන ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර අවදානය යොමු කිරීමේ දී පෙනී ගියේ මෙම පොලිස් නිලධාරියා හිතාමතාම මෙම ක්‍රියාව සිදුකරන බවයි.

ඇමරිකාවේ මෙරිලන්ඩ්හි බැල්ටිමෝර් නගරයදෙී පටිගත වූ වීඩියෝවෙහි සුදු ජාතික පොලිස් සැරවරයෙක් මෙසේ හිතාමතාම කළු ජාතිකයන් ඉදිරියේ කහින ආකාරය පෙනෙන්නට තිබේ. එමෙන්ම මෙම වීඩියෝව ජනතාව අතරේ විශාල කලබලයක් ඇති කිරීමට සමත්ව තිබෙන බව බලධාරීන් පවසයි. එමෙන්ම මේ හේතුවෙන් කළු ජාතිකයන් මෙන්ම සුදු ජාතිකයන් අතර විවිධ ගැටුම් ද උද්ගත වී තිබෙන බව දක්නට ලැබේ. කෙසේ නමුත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට මේ වන විටත් බලධාරීන් විසින් තීරණය කර තිබේ.

මෙම වීඩියෝවෙහි සිටින පොලිස් නිළධාරියා කිසිදු මුහුණු ආවරණයක් යොදාගෙන නොසිටීම හේතුවෙන්ද ජනතාව දැඩි සේ කම්පනයට පත් කර ඇති බව අනාවරණය වී තිබේ. නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙවන් අවස්ථාවක මුහුණු ආවරණ වලින් තොරව රාජකාරියේ යෙදී සිටින මෙම පොලිස් නිලධාරියා එරට නීතිය යම්තාක් දුරට කඩ කිරීමක් සිදුකර ඇති බව පැහැදිලිය. එමෙන්ම ඔහු කළු ජාතිකයන්ට හිතාමතාම කහින ආකාරය මෙම වීඩියෝවේ පැහැදිලිව දක්නට ලැබේ. මෙම අවස්ථාව වීඩියෝ කරන කාන්තාව දෙසට එන විටද ඔහු හිතාමතාම කහින ආකාරය මෙම වීඩියෝවෙහි දක්නට ලැබීම ඉහත කියමන තහවුරු කරයි.

එසේම මෙම වීඩියෝව රූගත කරන කාන්තාව ඔහුට බැණ වදින අවස්ථාවේ පවා මෙම පොලිස් නිලධාරියා ඒ පිළිබඳව අවධානය යොමු නොකොට නොනවත්වා මෙම ක්‍රියාව සිදුකර කරයි. මේ හේතුවෙන් මේ කාන්තාව ඇතුළු තවත් බොහෝ දෙනා ඔහුගේ ක්‍රියාවට විරුද්ධව හඬ නගන ආකාරය වීඩියෝව තුල පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් මේ අවස්ථාව වන විට වාර්තා වන පරිදි බැල්ටිමෝර් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් නව කොරෝනා වෛරස ධනාත්මක පරීක්ෂාවට ලක්කර තිබේ. එමෙන්ම තවත් එකසිය පහළොස් දෙනෙකු පූර්වාරක්ෂාව සඳහා ස්වයං හුදෙකලාවේ නිරෝධායනය වේ. නමුත් මෙම වීඩියෝව සංසරණය වීමෙන් පසු බැල්ටිමෝර් පොලිස් කොමසාරිස්වරයා වන මයිකල් හැරිසන් මහතා ද සමස්ත ජනතාවට මෙන්ම ඔහුගේ පොලිස් දෙපාර්තමේන්තුවටද මේ සිදුවීමෙන් බලපෑම් එල්ල වී ඇති බව පැහැදිලි කර තිබේ.

කෙසේ නමුත් මහජන අඛණ්ඩතාව පිළිබඳ කාර්යාංශය ද මේ පිළිබඳව විමර්ශනයක් කරන බවටද කරුණු අනාවරණය වී තිබේ. එමෙන්ම අපහාසාත්මකව ඉදිරිපත් කර ඇති මෙම වීඩියෝව මේ වන විට 205000 කට අධික පිරිසක් නරඹා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

– රිෂ්මි ඉෂාරා –

4,011 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk